Home දේශිය පුවත් ජනහද දිනාගත් රංගන ශිල්පියෙක් දරුණු ස්නායු රෝගයක් නිසා ජීවිතයෙන් සමුගනී..

ජනහද දිනාගත් රංගන ශිල්පියෙක් දරුණු ස්නායු රෝගයක් නිසා ජීවිතයෙන් සමුගනී..

0
10156
ඔහු ගැන ඇත්තටම මේ ඇසෙන්නේ සංවේදී කතාවක්. ජීවිතය වෙනුවෙන් දරුණු රෝගයක් සමග සටන්වැදි ඔහු අවසානයේ ජීවිතයෙන් සමු අරන්..

ප්‍රකට රූපවාහිනී කතා මාලාවන් වූ ‘Euphoria’ සහ ‘Grey’s Anatomy’ හි රංගනයෙන් දායක වූ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විය 53 හැවිරිදි වියේ පසුවූවා.

තමන්ට ස්නායු රෝගයක් (Motor Neurone Disease) වැළඳී ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර වසරකටත් අඩු කාලයකදීයි ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇත්තේ.

ඊයේ (19) පස්වරුවේ ඩේන් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ නියෝජිතයන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඩේන් ‘Grey’s Anatomy’ කතා මාලාවේ වෛද්‍ය මාර්ක් ස්ලෝන් (Dr Mark Sloan) හෙවත් “McSteamy” ලෙස රංගනයෙන් දායක වුණා.

මුලින් එක් කොටසකට පමණක් ගිවිසුම් ගත වුවද, පසුව ඔහු වාර හයක් පුරා එහි නිත්‍ය නළුවෙකු බවට පත් වූවා.

ඔහු මෑතකදී HBO නාලිකාවේ ‘Euphoria’ නාට්‍ය මාලාවේ කැල් ජේකොබ්ස් (Cal Jacobs) ලෙස පෙනී සිටියා.

සිය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝද පුටුවක සිට රූගත කිරීම්වලට සහභාගී වූ ඩේන්, ‘Euphoria’ හි ඉදිරි තුන්වන වාරයේදී ද දැකගත හැකි වනු ඇති.

Previous articleකාගේත් ආකර්ෂණය දිනාගත් ඒ දෙන්නා මෙන්න බලන්නකෝ ගිහින් තියෙන්නේ කොහේද කියලා..
Next articleසත්වෝද්‍යානයකට පැමිණෙන නරඹන්නන්ගේ නෙත් මොහොතකට කඳුළින් තෙත් වෙයි.. අහිමි වූ මව් සෙනෙහස සොයා යන “පන්ච්ගේ” කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights