Home දේශිය පුවත් Super Model Universe – 2025″ තරගයේ, ලාංකේය නියෝජනය සුදිනි සින්දවි වික්‍රමආරච්චිට සුවිශේෂී...

Super Model Universe – 2025″ තරගයේ, ලාංකේය නියෝජනය සුදිනි සින්දවි වික්‍රමආරච්චිට සුවිශේෂී ජයග්‍රහණයක්.

0
83

චීනයේ පැවති, “Super Model Universe – 2025” ජාත්‍යන්තර වේදිකාව නියෝජනය කළ, ලාංකේය රූමතිය වන සුදිනි සින්දවි වික්‍රමාරච්චි විසින් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා.

ඒ, එම තරගයේ “හොඳම ජාතික ඇඳුම” (Best National Costume) සඳහා වන ගෞරවය තමන් සතු කරගනිමින්.

ලොව රටවල් 32ක නිරූපණ ශිල්පිනියන් සහභාගී වූ මෙම තරගය ඉකුත් 10 වැනිදා සිට 16 වැනිදා දක්වා චීනයේ Shenzhenහිදී පැවැත්විණ.

එහි “හොඳම ජාතික ඇඳුම” සඳහා වූ තරග වටය සඳහා ලාංකේය නියෝජනය වූ සුදිනි සින්දවි තෝරාගෙන තිබුණේ, සීගිරි අප්සරාවියකගේ නිරූපණයයි.

ඊට ඇය පැළඳි සම්පූර්ණ ඇඳුම සැලකිය යුතු බරකින් යුක්ත වූ ආකර්ෂණීය එකකි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ ගෞරව උපාධිධාරිනියක වන සුදිනි සින්දවි වික්‍රමාරච්චි, ඉන්දීය භාත්ඛණ්ඩේ සංගීත විශාරද උපාධියට ද හිමිකම් කියයි.

එමෙන්ම ඇය ගේය පද රචනය, තනු නිර්මාණය මෙන්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට සේ ම රංගනයට ද දායකත්වය සපයමින් සිටියි.

ජාත්‍යන්තරය නියෝජනය කරමින්, රටට කීර්තියක් අත්කර දුන් සුදිනි සින්දවිට ‘Channel E’ අපෙන් උණුසුම් සුබපැතුම් !

ChannelE

Previous articleඔබත් එඩරු තෙල් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න..හරියට දැනගෙන එඩරු තෙල් පාවිච්චි කරන්න.
Next articleබිදුණු ඇට සුව කරන,කළු සම සුදු කරන වැල්මී වල ඇති විශ්ම්ත ගුණ මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights