Home දේශිය පුවත් නමට පිරිමියෙකු ලෙස උප්පත්තිය ලැබුවත් සැබෑ පිරිමියෙකු හා පිරිමියෙකු අතර වෙනස ගැන...

නමට පිරිමියෙකු ලෙස උප්පත්තිය ලැබුවත් සැබෑ පිරිමියෙකු හා පිරිමියෙකු අතර වෙනස ගැන පෙන්නුම් කරපු යුවලක් ගැන ඇසෙන කතාව..

0
109

‘පිරිමියෙකු’ හා ‘ සැබෑ පිරිමියෙකු’ අතර වෙනස !

තමන්ගේ ආත්මාර්ථකාමීත්වය හා වෛරයම වපුරනු වස් “ගැහැණියව” නිදහස් නොකොට තව තවත් හිර කර ඇද බැද තියා ගන්නට මාන බලන අධම නරුම , පහත් පිරිමින් ඉන්නා ලෝකයක ඇයව මෙසේ නිදහස් කල මහත්මා ගතිගුණ වලින් පිරි ‘හැබෑ පිරිමියෙකු’ දැකීමද මහත් සතුටකි.ප්‍රේමයට සහ මනුස්සකමට වෙනත් ආදේශක අවශ්‍යම නැත.

නමට ‘පිරිමියෙකු’ ලෙස උප්පත්තිය ලබා කාන්තාවකවත් නොකරන ආකාරයේ පහත් වැඩ කරන මිනිස්සු ඉන්නා ලෝකෙක මෙවන් පරාර්ථකාමී මිනිසෙකු තැනූ එකම ඔහුගේ මවටද පියාටද මහත් පිනකි.ගසක අතු ඉති කියාපාන්නේම ‘මුල්’ හොඳ බවමය.

මේ සේයාරුව දුටුවහම මට සිහියට නැගෙන්නේ එකල අපේ ශිරාණි අක්කා සමඟ ඇයගේ ගිහි කල සැමියා ආදරණීය ලසන්ත අයියා අපේ කවි පොත් ජනගත කිරීම් වලට එන ආකාරයය.

ඔහු ඇයට කොයි තරම් නම් ප්‍රේම කලාද, රැකවරණය දුන්නාදැයි හොඳින්ම දන්නා නිසා මේ සේයාරුව දකිද්දීත් කඳුළු පුරන බවනම් සත්තය.ඇයද එහෙමමය.

ඔහු මාවනැල්ල ස්ථානාධිපතිවරයා ලෙස සිටියදී
ඔහුගේ යහපත් ගතිගුණ සහ ඒ සංවේදී කම හොඳින්ම දනිමි.

අනේ මෙවන් වූ මිනිසුන් හැදූ වැඩූ දෙමව්පියන්ටද පිං අත් විය යුතුමය.ලෝකයට නරුම මිනිසුන් බිහි වෙනවාට වඩා ,පව්කාර මිනිසුන් බිහි වෙනවාට වඩා මෙවන් වූ කරුණා හදවත් තව තවත් බිහි විය යුතුමය.

මගේ අක්කා යැයි ආමන්ත්‍රණය කිරීමට දැන් නොහැකි වූවද දුවගෙන විත් බදා වැළඳගෙන රස කවියක් අහන්නට නොහැකි වූවද සංසාර ගමනේ සැනසීම හොයා ගිය ඔබ වෙනුවෙන් මතක ගොන්නක් හදවත පුරෝගෙන ඉක්මණින් ඔබව බලන්නට එන බලාපොරොත්තුව හිත රඳවාගෙන ඔබට බොහෝ පිං යැයි පවසමි.

ඇවිලෙන , අවුලවන මිනිස්සු මැද්දේ නිවන ,නිවෙන මිනිසුන් දැකීමම මනසට සහනයකි.ආශිර්වාදයකි.තෙරුවන් සරණයි ඉතිං දෙදෙනාටම.

කෞෂි දිසානායක .

 

Previous article“ඇතුළේ ඉද්දි මට මතක් වුණේ මගේ දරුවා…මගේ පෙර පිනකට මම බේරුණා…” – කඩුගන්නාව ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් කාන්තාව කියන කතාව…
Next articleරොටී කඩේ හොයාගන්නත් නැහැ… සුන්බුන් ගොඩක් විතරයි… පහළ කඩුගන්නාව ඛේදවාචකයෙන් වෙළෙඳසල් හිමිකරුගේ පියා සහ බිරියත් මරුට…
error: Content is protected !!
Verified by MonsterInsights