2002 /මැයි මාසයේ දවසක.
කන්දේගෙදර ,නාරංගල
තංගමලේ හරියේ.
සිදුවීමක්..
එ කාලේ මගේ බිරිද කන්දේගෙදර රෝහලේ වෛද්‍යවරිය..
මම බදුල්ල රෝහලේ සේවා මුරය නිමවෙලා යනකොට ධාරානිපාත වැස්සක් තිබුන…
😭 කන්දේගෙදර රෝහලට පස්වලට යටවෙලා මියගිය මිනිසුන්ගේ සිරුරු 3-4 අරගෙන ආව..
මම ඇහුවේ මේ මොකක්ද මේ කියල ..
.😭 සර් ස්ලිප් එකක තව හිරවෙලා ඉන්නව .කියල කිව්වගමන් මම අතට අහුවුනු දේවල් අරගෙන මගේ වාහනෙන් නොදන්නා තංගමලේ හොයාගෙන හැල්මේ ගියේ ජීවිතයක් හොයාගෙන ..
😢 මම කවදාවත් නාය ගිය තැනකට ගිහිල්ලා තිබුනේ නැහැ ..
පාරේ ඉදන් මීටර් 500 ක් විතර පල්ලම මඩ,සැර වතුර පාර මැදින් ගියා වැටිවැටි ගියා පර පනක් වෙනුවෙන් …
පස් වල භාගෙට වැලලිලා.
හීතලේ ගැහෙමින්.
බියෙන් හෙම්බත් වෙලා.
හිටපු මේ දැරිය…….
හිටියේ මේසයක් යට
..
👍 එයාවත් අරගෙන උඩට බඩගෑව..
..👍 එතකොට එතනට ආවා බදුල්ල පොලීසියේ ASP මහත්තය ,එයා මගෙන් ඇහුව ඔයා කව්ද කියල මම ඩොක්ටර් පාලිත කිව්වහම ඇහුවේ මේක පල්ලට ගියේ කොහොමද කියල..
.👍 මම හිනහවෙලා මේ කෙලීවත් අරගෙන හොස්ටල් එකට ආව..
දැන් මෙයා ලොකු ගෑනියෙක් වෙලා ඉන්නව ඇති..
..👍 එ කාලෙත් මේ කාලේ වගේ
තමා ..
…👍👍 එදා මාරයගෙන් බේරාගත් කෙල්ල තමා මේ ෆොටෝ එකේ ඉන්නේ..👍👍👍👍
…වෛද්‍ය පාලිත රාජපක්ෂ ..
උපුටාගැනීමකි.
