නාඩි ජ්‍යොතිෂය යනු අතීතයේ විසූ ඍෂිවරුන් විසින් පුද්ගලයන්ගේ ජීවිතය තම මනසින් දුටු ආකාරය ගැන සඳහන් කළ හැකි ක්‍රමවේදයකි.
මෙසේ ප්‍රගුණ කළ මනස සහ අතින්ද්‍රීය ඥානයන් තුළින් අනාවැකි පුරෝකථනයන් මෙම නාඩි ජ්‍යොතිෂ ක්‍රමවේදයේදී සිදුවේ.
එහිදී එක් එක් පුද්ගලයාට අදාළව නාඩි කේන්ද්‍රයක් නිර්මාණය වන අතර, නාඩි ජ්‍යොතිෂවේදියා තම මානසික හැකියාව සහ සංඛ්‍යාත විද්‍යාව එකට කැටිකොට මෙම නාඩි කේන්ද්‍රය නිර්මාණය කරයි.
එසේ නිර්මාණය කරනු ලබන නාඩි කේන්ද්‍රය එම අදාළ පුද්ගලයාගේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ පුරෝකථනය කිරීමට යොදාගනී.
නාඩි ජ්‍යොතිෂයට අනුව ඔක්තෝබර් මාසයේ ඉපදුණු අයකුට ඉදිරි සතිය (19 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලය) කෙලෙස ගතවේද කියා විමසා බලමු.
ඔක්තෝබර් මාසයේ ඉපදුණු අයකුට මෙම සතිය තුළ අනපේක්ෂිත සිදුවීම් කිහිපයකට මුහුණපෑමට අවස්ථාවන් යෙදේ.
හදිසි ධන වාසනා ලැබීමේ භාග්‍යයක් උදාවේ. එසේම විසිතුරු ඇඳුම් පැලඳුම් ආභරණ වැනිදෑ තෑගි ලැබීමට ඉඩකඩ පවතී. සිතේ සතුට සතිය පුරාම රැඳී පවතින අතර, වෙනදාට වඩා උද්‍යෝගයෙන් කටයුතු කරයි.
එසේම තම ආධ්‍යාත්මය උදෙසා සිදුකරනු ලබන පුණ්‍ය කටයුතු සඳහා මේ සතිය තුළදී වැඩි අවස්ථාවන් යෙදේ. ඒවාට යොමුවීම ඉතා යහපත් ප්‍රතිඵල ගෙනදේ.
මෙම මාසයේ 04, 09, 12, 25 යන දිනයන්හි ඉපදී ඇති අයට තරමක අයහපත් තත්ත්වයක් උදාවීමට ඉඩකඩ ඇත.
මේ අයට සුරතල් සත්වයන්ගෙන් හානි පැමිණීමට ඉඩ ඇත. බල්ලන් වැනි සතුන්ගෙන් අනතුරු සිදුවිය හැකි අතර, මහාමාර්ග අනතුරුවලින්ද ප්‍රවේසම් වන්නේ නම් ඉතා යහපත්ය.
යටිබඩ, උදරය ආශ්‍රිත රෝගාබාධ, ඇස් ආශ්‍රිත රෝග ආදිය වැඩිවීමේ ප්‍රවණතාවක් පවතී. මෙවැනි රෝගී තත්ත්වයන් පවතින පුද්ගලයන් නිසි වෛද්‍ය උපදෙස් ලබාගනී නම් ඉතා යහපත්ය.
සමස්තයක් ලෙස ගත්කල ඔක්තෝබර් මාසයේ ඉපදුණු පුද්ගලයන්ට මෙම ඉදිරි සතිය මිශ්‍ර ඵල උදාකරන සතියක් බව පැවැසිය හැකිය.
උපුටා ගැනීම – මව්රට