‘ඉනියවන්’ හි රඟපෑ, ලාංකේය සම්භවයක් සහිත ඉන්දීය නිළි, සුභාෂිනී බාලසුබ්‍රමනියම් අවසන් ගමන් යයි
‘සන් ටීවී’ හි (Sun TV) ‘කායල්’ (Kayal) ටෙලි කතා මාලාවෙන් අතිශය ජනප්‍රිය වූ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දීය නිළි සුභාෂිනී බාලසුබ්‍රමනියම් (Subashini Balasubramaniyam) මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, පවුල් ආරවුලක් හේතුවෙන් ඇය අද (අප්‍රේල් 6) දින සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව සඳහන්.
මෙම මරණය වාර්තා වන්නේ, ඇයගේ උපන්දිනයට දින හයකට පෙරාතුවයි.
ලාංකික සම්භවයක් සහිත සුභාෂිනී බාලසුබ්‍රමනියම් උපත ලබන්නේ කොළඹදීය.
ඇය අධ්‍යාපනය ලබන්නේ, යහපත් එඬේරාගේ කන්‍යාරාමය සහ ශාන්ත අන්තෝනි බාලිකාවෙනි.
සුභාෂිනීගේ මවගේ දෙමාපියන් ඉන්දියන් ජාතිකයන් වන අතර පියා ලාංකිකයෙකි.
සුභාෂිනී ක්ෂේත්‍රයට පිවිසෙන්නේ, නේත්‍රා ටී. වී හි නිවේදිකාවක ලෙසයි. ඊට අමතරව දමිළ වැඩසටහන් හඬ කැවීම් ශිල්පිණියක ලෙස ද ඇය ප්‍රකටය.
සුභාෂිනී බාලසුබ්‍රමනියම් සහ ඔබ කවුරුත් හොඳින් හඳුනන නිරංජනී ෂන්මුගරාජාගේ සිනමා ගමන එකට සිදුවූවකි.
ඔවුන් දෙදෙනාගේ ම මූලාරම්භය නිවේදනය වීම ද විශේෂය.
සුභා සහ නිරංජනී සිනමාවට පිවිසෙන්නේ, අශෝක හඳගමගේ ”ඉනියවන්” සිනමාපටය තුළිනි.
18.jpg
සුභාෂිනී හට ඊට අවස්ථාව ලැබී තිබුණේ, ”යා ටී. වී.” ආයතනයට ගොස් සිටි මොහොතකදීය.
එවකට ඇය පුවත්පත් සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබිණ.
”යා ටී. වී. එකේ මගේ මිතුරකු තමයි මට මේ අවස්ථාව ගැන මුලින්ම කිව්වේ. ඇත්තටම නිරංජනී මෙහි රඟපාන බව දැන ගත්තෙ පසුවයි. ඊට කලින් මම නිරංජිව දන්නවා. නේත්‍රා ටී. වී. එකේ සම්මුඛ පරීක්ෂණයට අපි දෙන්නා සහභාගී වුණේ එකම දවසේදීයි. ඒ හඳුනා ගැනීම තිබුණා. ඒ නිසා පළමු චිත්‍රපටයේ දෙදෙනාට රඟපාන්න ලැබීම ගැන ගොඩාක් සතුටු වුණා.”
සුභාෂිනීගේ මරණය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ සමකාලීනයින් වන නිරංජනී ෂන්මුගරාජා සේ ම ශලනි තාරකා ද සංවේගය පළකර තිබුණි.’ඉනියවන්’ සිනමාපටයට අමතරව කෙටි චිත්‍රපට කිහිපයකට ද සමාජය දැනුවත් කිරීමේ වීඩියෝපට සඳහා ද සුභාෂිනී රංගන දායකත්වය ලබාදී ඇත.
ඇය වඩාත් කතාබහට ලක්වූයේ, ‘කායල්’ (Kayal) ටෙලි කතා මාලාවෙනි.
සුභාෂිනීගේ මරණය සියදිවි හානි කරගැනීමක් ලෙස ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති අතර, ඇයගේ දේහය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
ඇතැම් වාර්තාවන්ට අනුව, ඇය සැමියා සමඟ වීඩියෝ ඇමතුමකදී ඇති වූ වාදයකින් පසු මෙම තීරණය ගෙන තිබේ.
එළඹෙන අප්‍රේල් 21 වන දිනට ඇයගේ දෙවන විවාහ සංවත්සරය ද යෙදී ඇති බව සඳහන්.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.











