Home දේශිය පුවත් ධීවර යාත්‍රා දෙකක එකට ගැටී බිහිසුණු අනතුරක්… අතුරුදන් වූවන් සොයන්න හෙලිකොප්ටරයක්..!

ධීවර යාත්‍රා දෙකක එකට ගැටී බිහිසුණු අනතුරක්… අතුරුදන් වූවන් සොයන්න හෙලිකොප්ටරයක්..!

0
53

මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන්නැයි ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වනවිට Y-12 ගුවන් යානයක් භාවිතා කරමින් අතුරුදහන් වූ ධීවරයින් සොයා ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටින බවත් වාර්තා වේ.

ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරයි.

එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්වී තිබුණි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නම් කුඩා ධීවර බෝට්ටුවේ ගමන්කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නඳුන් කුමාර බව වාර්තා වෙයි.

Previous articleසද්ද කරන්න එපා.. එයා දොයි.. මහ දවල් නිදියන රාජ්‍ය සේවකයා.
Next articleමේ දවස්වල හැමෝටම තියෙන වියළි කැස්සට ගෙදර ඉදන්ම කරන්න පුලුවන් පිලියම් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights