Home දේශිය පුවත් මගේ අම්මා වෙනුවෙන් අවුරුදු 33ක් පුරා කරපු හැම කැපකිරීමකටම බුදු වෙයන් තාත්තෙ…...

මගේ අම්මා වෙනුවෙන් අවුරුදු 33ක් පුරා කරපු හැම කැපකිරීමකටම බුදු වෙයන් තාත්තෙ… දරුවෙකු තැබූ සංවේදී සටහන..

0
118

“ දරුවො තුන්දෙනෙක් ඉන්න ගැහැණියක් කසාඳ බඳින්න පිරිමියෙක් හයිය වෙන්න පුළුවන්
ඒත්.. මැරෙනකන් පන වගේ ආදරේ කරන්න පිරිමියෙක්ට ලේසි නෑ

ඔය අත් දෙකෙන් මාස 8ක් කැත කුනු අතගෑවා
නෑව්වා කරා, දවසක් ඇර දවසක් මන් දන්නෑ සල්ලි මැව්වද කියළා මේ මාස ගානට එක දවසක් නෑර ලක්ෂ ගානක් වියදම් කරා.
රැයක් දවාලක් නෑ නින්දක් නෑ මන් දන්නෑ එහෙම සලකන්න පිරිමියෙක්ට පුළුවන්ද කියළා

සීනී හොඳ නෑ පැණිරස හොඳ නෑ කියද්දිත්
ඉල්ලන්නෙ මොනවද ආස දේවල් දෙන්න ඕන කියළා ඉල්ලන්නෙ මොන්වද කොයි ලෝකෙන් හරි ගෙනත් දුන්නා

කන බත් එකේ ඉඳන් අම්මගෙ කෑම ටික හැදුනේ තාත්තගෙ අතින්.දානයක් උයනවා වගේ පාන්දර ඉඳන් නැඟිටන් උයනවා ,කවනවා,පොවනවා

ගෑනුන්ට පුළුවන් කියළා දන්නවා පිරිමි වෙනුවෙන් පේවෙන්න.ඒත් මම් දැක්කෙ මගෙ තාත්තගෙන් පිරිමිටෙක්ට පුළුවන් කියළා ගෑණියෙක් වෙනුවෙන් මේ තරම් පේවෙන්න.

මගෙ අම්මා වෙනුවෙන් මේ අවුරුදු 33ට කරපු දේවල් වෙනුවෙන් “බුදු වෙයන් තාත්තෙ” කියනවට වඩා කියන්න මට වෙන මොකුත්ම නෑ.

සමාජයක් එක්ක පවුල් එක්ක හැප්පිලා ඒ දිනපු ආදරේ ඒ අන්තිම පරිච්චේදය අවසන්. ”

* සුව පානේ මුහුණුපොතේ සටහනක් *

Previous articleනිළියක් කියලද හිතුවේ..? නෑ ස්විස්ටර්ලන්තයේ දේශපාලන අධිකාරියේ ඉහලම තනතුරක් හොඹවන අපේ කෙල්ලෙක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
Next articleලොවක් ආදරේ කල රංගන ශිල්පියෙකු වූ ඔහූ හදිස්සියේම දිවි ගමනට සමු දෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights