Home Uncategorized ”රංගනය මට මගේ අම්මගෙන් ලැබුණු සුවිශේෂී දායාදයක්. අද අම්මා හිටියා නම් වෙනදා...

”රංගනය මට මගේ අම්මගෙන් ලැබුණු සුවිශේෂී දායාදයක්. අද අම්මා හිටියා නම් වෙනදා වගේම ගොඩාක් සතුටු වෙයි…” – ජනප්‍රිය රංගන ශිල්පිනි තිසුරි යුවනිකා

0
66

 

නිතර නිර්මාණවලින් ඇස නොගැටුණාට, ‘තිසුරි යුවනිකා’ කියන්නෙ ලාංකේය කලාවට ලැදි කාටත් ලේසියෙන් අමතක වන නමක් නෙවෙයි.

තිසුරි මේ වෙද්දි රංගනයෙන් මදක් ඈත්ව සිටියත්, එදා වගේම ඇය ලබන සහෘද ආදරයේ නම් වෙනසක් නෑ.

තිසුරි යුවනිකා කියන්නෙ, සිය මවගේ අතින් අල්ලාගෙන කලාවේ මුලකුරු කියවූ රංගන ශිල්පිනියක්.

සුසන්තා චන්ද්‍රමාලි… ජීවන ගමන නිම කළත්, ඈ කලාවට දායාද කළ දෑ බොහෝයි.

ඒ අතර ඇගේ ආදරණීය දියණියත් වනවා.

අම්මා වගේම තිසුරිත් කාගෙත් ආදරේ දිනාගනිමින්, කලාවේ ගෞරවනීය ගමනක නියැලෙනවා.

ඒ ගමන තවත් අරුත්බර කළ ආරංචියක් අහන්න ලැබුණා.

ඒ, ඇය 2025 රාජ්‍ය සම්මාන උළලේ 2021 වර්ෂයට හිමි හොදම නිළිය සම්මානයෙන් පිදුම් ලැබීම.

තිසුරි යුවනිකා වෙනුවෙන් සම්මානය ලබාගෙන තිබුණෙ, ඇගේ ආදරණීය පියාණන් විසින්.

ඉතින්, රංගනය තමන්ට අම්මාගෙන් ලැබුණු සුවිශේෂී දායාදයක් වන නිසාම,, සම්මානයේ සතුට වචන කරමින් අම්මාගේ මතකයත් අවදි කරමින් තිසුරි මෙයාකාර සටහනක් තබා තිබුණා….

”2025 රාජ්‍ය සම්මාන උළලේ 2021 වර්ෂයට හිමි හොදම නිළිය සම්මානය “වළාකුළු දොරින් ගලන්න” ටෙලිනාට්‍යයේ “සදුනි” ගේ චරිතය වෙනුවෙන් අද දිනයේ මට හිමිවුණා.

වළාකුළු දොරින් ගලන්න නිර්මාණයේ අධ්‍යක්ෂක Reginald Jayamanna, නිෂ්පාදක Chandana Liyana Gunawardane ඇතුළු මාගේ රංගන ශිල්පීන් වගේම කාර්මික ශිල්පීන්වත් මේ මොහොතේ ගොඩාක් ආදරෙන් මතක් කරනවා..

ඒ වගේම අද දින නිර්දේශලාභී සහ සම්මානලාභී සියලු දෙනාටත් මාගේ සුබපැතුම්.

රංගනය මට මගේ අම්මගෙන් ලැබුනු සුවිශේෂී දායාදයක්. අද අම්මා හිටිය නම් වෙනද වගේම ගොඩාක් සතුටු වෙයි.

ඒ වගේම මං වෙනුවෙන් සතුටු වෙන අනිත් කෙනා මගේ ආදරණීය තාත්තා. අද මං නැතත් තාත්ත මං වෙනුවෙන් ඒ සම්මානය ලබාගැනීම මට තවත් සතුටක්.

රංගනයෙන් මදක් ඈත්ව සිටියත් 2025 රාජ්‍ය සම්මාන උළලේ 2021 වර්ෂයට හිමි හොදම නිළිය සම්මාන හිමිවීම මගේ රංගන ජීවිතයේ තවත් අමතක නොවන සුවිශේෂී අවස්ථාවක්.

Suraj Wijesinghe ඔයා ඇතුළු හැමදාමත් මට ආශිර්වාද කල සැමටත් ගොඩාක් ආදරෙයි..
තිසුරි යුවනිකා..”

 

Previous articleඇස් අදහාගන්න බැරි තැනක රන්මිල නතරවෙයි.. පවුමක මිල ගණන් මෙන්න..
Next article‘ නත්තල සමරන්න බැරි කාටහරි උදව්වක් කරනවා..’ රටක්ම ආදරේ කරන ශේෂාද්‍රි ප්‍රියසාද් මේ පාර නත්තල සමරන්න හදන්නේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights