Home Uncategorized මෙච්චර කාලයක් ස්ක්‍රබ් කරාට අද තමයි හරියටම ස්ක්‍රබ් කරන හැටි දැනගත්තේ..!

මෙච්චර කාලයක් ස්ක්‍රබ් කරාට අද තමයි හරියටම ස්ක්‍රබ් කරන හැටි දැනගත්තේ..!

0
41

💗 හරියටම Scrub එකක් කරන්නෙ කොහොමද ? 🛁💫

ස්ක්‍රබ් කිරීම මඟින් සිදු කරන්නේ මැරුණු සම ඉවත් කිරීමයි. වෙළඳපොලේ ඇති ස්ක්‍රබ් වර්ග ක්‍රීම් හෝ ජෙල් ආකාරයෙන් සකසා තිබෙන අතර, මුහුණ සඳහා face scrub සහ ශරීරයට body scrub භාවිතා කරයි.

🌸 ස්ක්‍රබ් කිරීමේ ඇති වැදගත්කම

🌈 ස්ක්‍රබ් කිරීම මඟින් කිහිලි, ඉකිලි, වැලමිට සහ දණහිස් වල ඇති අවපැහැ ගැන්වීම් ඉවත් කළ හැක.
🌈ස්ක්‍රබ් කිරීම නිසා සම සිනිඳු වෙනවා.
🌈ස්ක්‍රබ් කිරීමෙන් මුහුණේ ඇති බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරන්න පුළුවන්.
🌈ස්ක්‍රබ් නොකිරීමෙන් සමේ පැහැපත් බව නැති වෙනවා.
🌈 ස්ක්‍රබ් නොකිරීමෙන් කළුලප ඇති වී, සමේ දුර්වර්ණ සහ අපිරිසුදු ස්වභාවයක් පෙනෙන්නට ගන්නවා.

🌸 ස්ක්‍රබ් කරන ආකාරය

🌙 ස්ක්‍රබ් කිරීම කළ යුත්තේ සම සෝදා පිරිසිඳු කර ගැනීමෙන් පසුවයි.
🌙 ස්ක්‍රබ් කිරීම සිදු කළ යුත්තේ මෘදු ලෙසයි. තදින් ඇතිල්ලීමෙන් සම සීරීමකට සහ ඇදීමකට ලක් වේ.
🌙 කුරුලෑ සහිත මුහුණක් ස්ක්‍රබ් නොකළ යුතුයි. නැති නම් කුරුලෑ කැඩී සම තුවාල වීමකට ලක් වේ.
🌙 ස්ක්‍රබ් කිරීමෙන් පසු ටෝනර් එකක් ආලේප කළ යුතුයි.
🌙 ස්ක්‍රබ් කිරීම දිනපතා නොකළ යුතුයි.

🌸 ස්ක්‍රබ් කිරීමකදී සැලකිය යුතු කරුණු

🌱 අපේ සම මත හිතකර බැක්ටීරියා වර්ග ජීවත් වෙනවා. නිතර නිතර ස්ක්‍රබ් කිරීමෙන් ඒවා විනාශ වෙනවා.එම නිසා ඔබ තෝරා ගත් නිෂ්පාදනයේ ලේබලයේ ඇති උපදෙස් පරිදි සතියකට වරක් හෝ සතියකට දෙවරක් ස්ක්‍රබ් කිරීම සිදු කරන්න.

🌱 ඇස් වටා ස්ක්‍රබ් කිරීම නොකළ යුතුයි. ඇස් වටා සම ඉතා මෘදුයි. ස්ක්‍රබ් කිරීමෙන් ඇස් යට ඇති සම එල්ලෙන ස්වභාවයක් ඇති වේ.

🌱 දිගු කාලීනව හිරු එලියට නිරාවරණය වීමෙන් සමේ පැල්ලම් ඇති වීමත්, වියලී යාමත් සිදු විය හැකියි. එවිට එවැනි ස්ථාන ස්ක්‍රබ් කිරීම මඟින් පැරණි පැහැපත් බව ආයෙත් ලබා ගන්න පුළුවන්.

Previous articleකොල්ලෝ එක්ක හුරතල් වෙන චරිත කරන්න ලැජ්ජයි ‘ – මේ දවස්වල කොල්ලෝ පිස්සු වැටිලා ඉන්න සරාගී සුරූපිණිය කවුරුත් ආදරේ කරන සාරා කී කතාව මෙන්න
Next articleඇස් මත් කරවන පුෂ්පිකා කරපු අපූරු දේ මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights