Home සයුරෙන් එහා පුවත් Amazon ලොක්කාගේ රහසිගත සුපිරි වෙඩිම – සියල්ලන් එලියට

Amazon ලොක්කාගේ රහසිගත සුපිරි වෙඩිම – සියල්ලන් එලියට

0
46

බිලියනපති, ඇමසන් (Amazon) නිර්මාතෘ ජෙෆ් බෙසෝස් (Jeff Bezos) පසුගියදා විවාහ වුණා.

ඔහුගේ අතගත් ඇය, රූපවාහිනී නිවේදිකාවක් වන ලෝරන් සැන්චෙස් (Lauren Sanchez)
බෙසෝස් – සැන්චෙස් විවාහ මංගල උත්සවය, ලොව වඩාත්ම ප්‍රසිද්ධ සේ ම රහසිගත විවාහ මංගල උත්සවයක් කිව්වොත් හරි.

ඒකට හේතුව තමයි මේ විවාහ මංගල්‍ය ගැන ලොකු ප්‍රසිද්ධියක් තිබුණෙ නෑ.
අන්තිම මොහොත වෙනකල්ම ලොකු කතාබහක් තිබුණෙත් නෑ. නමුත් එය අති සුඛෝපභෝගී විවාහ මංගල්‍යයක් වුණා කිව්වොත් හරි.

රියැලිටි තරු, නළු නිළියන්, රාජකීයයන් ඊට සහභාගීව උන්නා.
ඔප්රා වින්ෆ්‍රේ, ඔර්ලන්ඩෝ බ්ලූම්, කයිලි ජෙනර්, ඉවන්කා ට්‍රම්ප් මේ තරු පිරුණු උත්සවයේ කැපී පෙනුණු කීර්තිමත් පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙක්.

දින තුනක් පුරා පැවති විවාහ උත්සවය අවසන් වුණේ ලේඩි ගාගා සහ එල්ටන් ජෝන් රඟ දැක්වූ අපූරු සාදයකින්.
මේ විදියට සුපිරි මංගල්‍යයකින් ජීවිතේ අලුත් පිටුවක් පෙරලූ සැන්චෙස්ට දැන් 55ක්. එතකොට බෙසෝස්ට 61ක්.
වාර්තාවන්ට අනුව මේ විවාහයට ආරාධනා කරලා තියෙන්නෙ 200 දෙනෙකුට පමණ. ඉන් 70 දෙනෙකුම පවුලේ අය බව සඳහන්.

වෝග් සඟරාවට අදහස් දක්වමින් සැන්චෙස් කියලා තිබුණෙ, මේ උත්සවය “අතිශයින්ම සමීප” එකක් වුණු බව.
ඒ වගේම මෙහි කාගෙත් අවදානය යොමුව තිබුණේ ලෝරන් සැන්චෙස්ගේ ඇඳුමට.
එය වසර එකහමාරක් තිස්සේ නිර්මාණය වුණු Dolce & Gabbana විලාසිතාවක් බවත් සඳහන්.

Channel E

Previous articleඔන්න සාමාන්‍ය පෙළ ලියපු නංගිලා මල්ලිලාට සුබ පණිවිඩයක්..! ප්‍රතිඵල එන දවස මෙන්න
Next articleලොවක් කැළඹූ බොලිවුඩ් සුපිරි නිළිය හදිසියේම මිය ගිය හේතුව හෙලි වෙයි !
error: Content is protected !!
Verified by MonsterInsights