Home දේශිය පුවත් ‘ ආමි එකම එන්න වුනා භාතියට හෙවණක් වෙන්න… ‘ භාතිය ගැන ලියවූ...

‘ ආමි එකම එන්න වුනා භාතියට හෙවණක් වෙන්න… ‘ භාතිය ගැන ලියවූ තවත් සටහනක් මෙන්න

0
54

ආමි එකම එන්ඩ උනා භාතියට හෙවනක් වෙන්න..!

අප විසින් මුල සිටම භාතිය දෙවැනි වරටත් වැටී නැගිටපු අවස්ථාවේ යෝජනා කර සිටියේ වැටිලා නැගිටපු මේ සතාට අවශ්‍ය කරන ප්‍රතිකාර කරන්න ජනාදිපතිවරයාට දැනුම් දීලා අදාල අංශවල සහය ගත යුතු බව.

භාතිය සුව වුනත්, නොවුනත් මේ දේ තව සතෙක්ට වෙන්ඩ නොදී මේ වගේ අර්බුදයක් ආ විට එය කළමනාකරණය කර ගැනීමේ පුහුණුවක් මේ දෙපාර්තුමේන්තුවට ලබා දිය යුතුමයි.

මෙතන තියෙන්නේ වනජීවී පහල සිටින කැපවීමෙන් වැඩ කරද්දි, ඉහල ඇවරියේ ලොක්කෝ උද්දච්ච කමින් හැසිරීමයි. කීපදෙනෙක් අපිව සහ වනජීවී දෙපාර්තුමේන්තුව ගැටීම පිණිස සමහර දේවල් සිදුකලත් පරිසර සංරක්ෂණවේදීන් හැමදාමත් වනජීවී පහල ඇවරියට ලැබිය යුතු දේ පිණිස සටන් කලේ සත්භාවයෙන්.
භාතිය රැස් කර ඇති පිනෙන් භාතියගේ ඉරණම සොබාදහම විසින් තීරණය කරනු ඇත.

භාතිය මෙන්ම අද වන විට ජීවිත තර්ජනයකට මුහුණ පා ඇති “යස ඇතා” ගේ තත්වයද මේ සමගින්ම කතා කල යුතුව ඇත. යස සොයාගෙන යසගේ ආබාධය ගැන තක්සේරුවකට පැමිණ යස විසින් ඉදිරියේදී මුහුණ දීමට නියමිත “සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව” වනජීවී දෙපාර්තුමේන්තුව විසින් පෙර සූදානමකට ලක්විය යුතු බව සටහන් කරමි.

මිහිඳු ෆොන්සේකා

Previous articleභාතිය තාමත් වතුර වලේ – ඕනෑම සහයක් දෙන්න ත්‍රිවිධ හමුදාව සූදානමින්..!
Next articleයුරෝපයේ උසම කඳු මුදුන තරණය කල දෙක වසරේ පුංචි කොලු ගැටයෙක් ගැන ඇසෙන අරුම පුදුම කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights