ඉන්දීය සිනමා තරු ගැන විමසිල්ලෙන් ඉන්න කාගේත් අවධානය මේ වෙද්දී යොමුවෙලා තියෙන්නේ එකම එක තැනකට.
ඒ තමයි හැමෝම ආදරය කරන විජේ දේවරකොණ්ඩා සහ රශ්මිකා මන්දනා යුවළගේ විවාහයට.
වසර අටක් තිස්සේ හැංගි හොරා කරපු ආදර කතාව දැන් නිල වශයෙන්ම මංගල්‍යයක් දක්වා දුරදිග ගිහින් අවසානයි.
මේ දෙන්නා පෙම්වතුන් කියලා ආරංචි පැතිරෙනකොට රසිකයෝ තමයි මුලින්ම මුන් දෙන්නව “VIROSH” කියලා හැඳින්වූවේ.
තමන්ට ආදරය කරන රසිකයින්ට ගෞරවයක් විදිහටම සිය විවාහයත් “The Wedding of VIROSH” යනුවෙන් නම් කරන්න මේ දෙන්නා තීරණය කරලා.
“ඔබ අපට නමක් දුන්නා, ඉතින් ඒ නමින්ම අපි අපේ එක්වීම නම් කරනවා” කියලා විජේ සහ රශ්මිකා හදවතින්ම රසිකයින්ට ස්තූතිය පල කරලා තියෙනවා.
මේ ලස්සන මංගල්‍යය සිද්ධ වෙන්නේ එන පෙබරවාරි 26 වැනිදා.
ඉන්දියාවේ උදායිපූර්හි පිහිටි ඉතාම ඓතිහාසික, මාලිගාවක් වැනි සුපිරි හෝටලයක තමයි මේ උත්සවය සැලසුම් කරලා තියෙන්නේ.
පවුලේ සමීපතමයින් විතරක් සහභාගී වෙන මේ උත්සවයට පූර්ව මංගල චාරිත්‍ර මේ වෙද්දීත් ආරම්භ වෙලා තියෙනවා.
හැබැයි මේ වෙඩින් එකේ ෆොටෝ බලන්න නම් රසිකයින්ට ටිකක් ඉවසන්න වෙයි.
මොකද ආරංචි විදිහට ඇතුළට යන කාටවත් දුරකථන භාවිත කරන්න අවසර නැහැ.
තමන්ගේ නිල මංගල සේයාරුව තමන්ම ලෝකෙට දෙනකල් ඉතාම රහසිගතව මේ උත්සවය පවත්වන්නයි විජේ සහ රශ්මිකා සැලසුම් කරලා තියෙන්නේ.
පවුලේ අය එක්ක උදායිපූර්වලදී බැන්දට පස්සේ, ක්ෂේත්‍රයේ යාළුවෝ වෙනුවෙන් මාර්තු 04 වැනිදා හයිද්‍රාබාද්හිදී විශේෂ මංගල උත්සවයක් පවත්වනවා.
ඉතින් වසර අටක ආදර කතාවේ සුන්දරම නිමාව දකින්න මුළු ඉන්දියාවම වගේම ලංකාවේ රසිකයොත් දැන් ඉන්නේ නොඉවසිල්ලෙන්.












