ඇය මීට දශක ගණනකට ඉහතදී රසිකයින් අතර ආදරය දිනාගත්ත චරිතයක් වුණා.
ඒ නිසාම එදා සේම අදටත් ඇගේ නිර්මාණවලට ආදරය කරන ඔබට මේ පණිවිඩය නම් අතිශ්‍යය කණගාටුදායක පුවතක් වේවි.
රංගන ශිල්පිනියක මෙන්ම ඔපෙරා ගායිකාවක් වුණු, මාග්‍රට් ඩිප්‍රීස්ට් අභාවප්‍රාප්තවී තිබෙනවා.
‘General Hospital’, ‘Days of Our Lives’, ‘All My Children’, ‘Sunset Beach’ ඇතුළු ප්‍රකට නිර්මාණ රැසකට දායකත්වය ලබාදී ඇති ඇය මියයන විට 94 වැනි වියෙහි පසුවුණා. මේ අතර ඇය ඔපෙරා පිටපත් රචනයෙන් දායක වූ, පස් වතාවක්ම Daytime Emmy සම්මානයට නිර්දේශවීමට වරම් දිනාගැනීමත් ඇයගේ දිවියේ කැපී පෙනෙන සිද්ධින් අතරට එක්වෙනවා.
ඇගේ දියණිය වන සාරා කිම්බෙල් ‘The Hollywood Reporter’ වෙත තහවුරු කළ පරිදි, ඩිප්‍රීස්ට් මහත්මිය සැප්තැම්බර් 29 වන දින එනම්, ඊයේ නිව්යෝර්ක්හි ග්‍රීන්විච් විලේජ් හි පිහිටි සිය නිවසේදී ස්වභාවිකව මිය ගොස් ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.
1931 අප්‍රේල් 19 වන දින ඕක්ලහෝමා (Bristow, OK) හි උපත ලැබූ ඩිප්‍රීස්ට්, ඇය ගෙවූ කටුක ජීවන රටාවට සමුදී, ඕක්ලහෝමා විශ්ව විද්‍යාලයේ නාට්‍ය ශිල්පය සඳහා ශිෂ්‍යත්වයක් දිනා ගත්තා.
ඇය සිය වෘත්තීය ජීවිතය වේදිකාවේ මෙන්ම රූපවාහිනියේ ද රංගන ශිල්පිනියක ලෙස ආරම්භ කළා. 1965-1966 කාලය තුළ ‘The Edge of Night’ හි Abby Cameron #1 ලෙස ඇය රඟපෑවා. පසුව ඇය ‘The Edge of Night’ හිම සම-ලේඛිකාවක ලෙසට කටයුතු කළ අතර,1969 දී, ඇය ‘Where the Heart Is’ ටෙලි නාට්‍යය සම-නිර්මාණය කළා. ඉන් අනතුරුව, ඇය ‘General Hospital’, ‘Days of Our Lives’, ‘All My Children’, ‘Another World’, ‘One Life to Live’ සහ අවසාන වශයෙන් ‘Sunset Beach’ වැනි ජනප්‍රිය දෛනික නාට්‍යවලින් කීර්තියක් අත්කර ගත්තා.
