Home දේශිය පුවත් ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක්.

ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක්.

0
322
ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව සඳහන්ව ඇත්තේ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථනයන්ට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවලට වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බැවින් මෙම තත්ත්වය ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල හා ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.
Ada Derana
Previous articleකුලියට ගිය හිටපු ජනපති මහින්ද මැතිඳුන්ගේ නව නිවස දැක්කද ?
Next articleගෙදර ලිපේ ගෑස් එක නිල් පාට නැතුව තැඹිලි පාටට පත්තු වෙනවාද? එහෙනම් අදම පරිස්සම් වෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights