Home සයුරෙන් එහා පුවත් රුසියාවට භූ කම්පනයක්..! මුහුදු රළ අඩි 13ක් උසයි..! ජපානයටත් අන.තුරු ඇගවීම්… උදෙන්ම...

රුසියාවට භූ කම්පනයක්..! මුහුදු රළ අඩි 13ක් උසයි..! ජපානයටත් අන.තුරු ඇගවීම්… උදෙන්ම ඇසෙන හද කම්පා වෙන පුවත මෙන්න

0
72

 

 

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 8.8ක් ප්‍රබල භූකම්පනයක් අද (30) උදෑසන හට ගෙන තිබුණි.

USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු විය.

භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කළ අතර, එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවය.

මීට අමතරව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

Previous articleඋණ නැතුවත් උණ වගෙ දැනෙන පිත නිසා ඇතිවන හිස කැක්කුම නිට්ටාවටම සුව කරගන්නේ මෙහෙමයි…
Next articleපොඩි දුව ට්‍රිප් එක ගිහින් එනකොට ඒ තුන්දෙනාම ජීවිතෙන් සමු අරන්.. රටක්ම කතා කරන ඒ සිද්ධිය ගැන දැන් ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights