Home දේශිය පුවත් ගිලන් වූ ඉෂාක් බෙග් වෙනුවෙන්, හනා.. ටෂ්නි ඇතුළු කලාකරුවන්ගෙන් ඇදහිය නොහැකි මූල්‍ය...

ගිලන් වූ ඉෂාක් බෙග් වෙනුවෙන්, හනා.. ටෂ්නි ඇතුළු කලාකරුවන්ගෙන් ඇදහිය නොහැකි මූල්‍ය පරිත්‍යාගයක්

0
50

“අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ ”

මේ කතාව කියන්නෙ, බෙග් මාස්ටර් විසින් ඉෂාක් බෙග් හට.

ඒ කතාවේ හරය තේරුම් යන සුවිශේෂී කාර්‍යභාරයක් මේ දිනවල සිදුවෙනවා.

”ඉෂාක්ට කෝටියක්”

මේ කාර්යය නම් වෙලා තියෙන්නෙ එහෙම.

ඉෂාක් බෙග් මහත්මයා මේ වනවිට පසුවන්නේ, අසනීප තත්ත්වයෙන්. ඒ නිසාම, ඔහු වෙනුවෙන් කෙරෙන වැඩකටයුත්තක් තමයි මේ.

මෙය ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ තවත් එක් මානුශීය මෙහෙවරක් සේ ම යුතුකමක්.

මේ වැඩෙත් එක්ක බොහෝමයක් කලා ශිල්පීන් එක්කාසුව ඉන්න අයුරු අපි දැක්කා.

ඒ අතර විශේෂයි, නවක ගායන තරු ද ඊට සහයෝගය දැක්වීම.

ඒ අනුව, ජනප්‍රිය ගායිකා හනා ෂෆා ද 50 000කින් සිය මූල්‍යමය සහයෝගය දක්වා තිබුණා. ඇය ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සිටින ළාබාලතම සාමාජිකාව වීම ද විශේෂයි.

එමෙන්ම ජනප්‍රිය ගායිකා ටෂ්නි ඇතුළු තවත් බොහෝ පිරිසක් මෙම කටයුත්තට සිය සහයෝගය දක්වා තිබුණා.

ඉෂාක් බෙග් මහත්මයා වෙනුවෙන් ඔබට ද සහයෝගය දැක්විය හැකිය.

ඒ අනුව ඔබේ උපකාරය ඉෂාක් බෙග් මහත්මයාට හිමි ගිණුමට පමණක් බැර කරන මෙන් ගායක ගායිකා සංගමය ඉල්ලා සිටිනවා.

”ගිණුම් අංකය
Mohideen Ishaq Baig
Commercial Bank – Maradana
1320004133

Previous articleඒ කෙල්ලාට වාසනාව තිබුණා, වාසනාවන්තම බිරිඳ වෙන්න.. අපිට දුක හිතුණත් අද ඒ දෙන්නා ගොඩක් සතුටෙන් ඇති.. ජීවිත‍යෙන් සමුගත් ප්‍රේමණීය ඔවුන් ගැන විශේෂ සටහනක්..
Next article“ඇයට මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…”- සංචාරය අතරමැද ගිනි කන්දකින් වැටුණු තරුණියට අත්වූ අවාසනාවන්ත ඉරණම….
error: Content is protected !!
Verified by MonsterInsights