Home දේශිය පුවත් විභාග අයදුම්ත බස් රියේදී උස්සලා.දුක දරාගන්න බැරිව උ.පෙළ සිසුවාට මහමගදී අත් වූ...

විභාග අයදුම්ත බස් රියේදී උස්සලා.දුක දරාගන්න බැරිව උ.පෙළ සිසුවාට මහමගදී අත් වූ අවාසනාවන්ත සිදුවීම.

0
68

දුක දරාගන්න බැරිව උ. පෙළ සිසුවා මහපාරේ සිහිසුන්ව ඇද වැටේ.

විභාග අයදුම්පත-හැඳුනුම්පත සමග පසුම්බිය බස් රියේදී උස්සලා:
මෙහෙම දුකක් දෙන්න එපා.
විභාග අයදුම්පත හා ජාතික හැඳුනුම්පත සහිත පසුම්බිය බස්රියේදී සොරාගැනීම දරාගත නොහැකිව ඊයේ (10දා) කුලියාපිටිය නගරය මැද මහමග සිහිසුන්ව ඇදවැටුණු උසස් පෙළ සිසුවකු කඩිනමින් රෝහල්ගත කිරීමට නගරවාසීහු පියවර ගත්හ.

ජීව විද්‍යා අංශයෙන් තෙවැනි වර විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුවෙක් මෙම අකරතැබ්බයට මුහුණ දුන්නේය. ඊයේ පෙරවරුවේ තමන් බස් රථයෙන් පැමිණ ඉතිරි මුදල් දමා පසුම්බිය පාසල් බෑගයේ බහා පැමිණි බවත් ලිපිද්‍රව්‍ය කිහිපයක් ගෙන මුදල් ගෙවීමට යෑමේදී පසුම්බිය නොමැති බව දැන ගත් බවත් සිසුවා පවසයි.

එම අවස්ථාවේ එහි සිටි අයකු වහා මැදිහත්ව අන්තර්ජාලයෙන් අයදුම්පතේ පිටපතක් ලබාදී මාර්ගයේ ගමන් ගත් අයගෙන් උදව් ඉල්ලා ඇති අතර ඒ අසලින් ගිය අයකු කඩිනමින් සිසුවා කැටුව බස්නැවතුම ඉදිරිපිට පදිංචි සාම විනිසුරුවරියකගෙන් අත්සන් ලබාගෙන සිසුවා විභාගයට පිටත් කර යවා ඇත. නමුත් සහතික කළ සේයාරුවක් අවශ්‍ය වීම නිසා යළිත් එම සිසුවා අසහනයට පත්වීම වැළැක්වීමට සාමවිනිසුරු චම්පා ඒකනායක මහත්මිය කැටුව ගිය පුද්ගලයා සමග සිසුවා මුදල් ලබා දී සේයාරුවක් ලබා ගැනීමට ඡායාරූප ශාලාවකට පිටත් කර යවා ඇත. එම අවස්ථාවේ ඔහු සිහිසුන්ව නගරය මැද ඇදවැටී තිබේ.

එහිදී සිසුවා සතුව තිබුණු දුරකථනයෙන් ඔහුගේ මව අමතා ඇය කැඳවා විභාගය ලිවීමට පැමිණි සිසුවා 1990 ගිලන් රථයකින් රෝහලට යවා ඇත. සිසුවාගේ තත්ත්වය මේ වනවිටත් පරික්ෂා කරමින් සිටින බව රෝහල් ආරංචිමාර්ග කියයි.

මත්කුඩු පානයට ඇබ්බැහි වූ විශාල පිරිසක් බස් රථවලට නැග පික් පොකට් ගැසීමේ නිරත බව බොහෝදෙනා පවසති. සිසුවාගේ පසුම්බිය සොරාගත් කුඩ්ඩාගේ දිනක අසාව සංසිඳුණ ද මෙය එම සිසුවාගේ අනාගතයම අඳුරු වන සිද්ධියක් විය හැකි බව සිද්ධිය දුටු අය කම්පාවෙන් කියා සිටියහ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ.

Previous articleපෙරළිකාර රන්මිල අද නතර වුණු තැන… අලුත්ම මිල ගණන් මෙන්න..
Next articleහීන දිනවන්න දකුණු කොරියාවට ගිය ඔහුන් දෙදෙනාට අත් වූ අවාසනාවන්ත ඉරණම…
error: Content is protected !!
Verified by MonsterInsights