Home දේශිය පුවත් දිට්වා බිහිසුණු මතක අතර එක්වුණු තවත් ලස්සන පවුලක්.. තවමත් පස් යට වැළලී...

දිට්වා බිහිසුණු මතක අතර එක්වුණු තවත් ලස්සන පවුලක්.. තවමත් පස් යට වැළලී ගිය ඔවුන්ගේ මතක..

0
61

අයහපත් කාලගුණය නිසා ජීවිත කීයක් නම් මේ වෙනකොට අකාලයේ සමුගෙන ගිහින්ද..?

මේ අන්න ඒ වගේ තවත් පවුලක් ගැන ඇසෙන සංවේදී කතාවක්.

ඔවුන්ගේ ජීවිතවල ඉරණම මේ විදිහට විසඳේවි කියලා කවුරුත් මේ පවුලට ආදරය කරන කිසිවෙක් හිතන්න නැතුව ඇති. ඒත් දැන් ඔවුන් කාගේත් මතක අතරට එක්වී අවසන්. මේ අන්න ඒ ගැන සමාජ මාධ්‍යයේ පළවූ සංවේදී කතාවයි.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙරන්නාව, තැන්නවත්ත ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් මස 27 වන දින සිදු වූ කඳු නායයෑමේ සිද්ධියෙන් අතුරුදන්ව සිටි කුඩා දැරියකගේ සිරුර ඊයේ දහවල් සොයාගෙන තිබෙනවා. මෙලෙස මළ සිරුර හමුවී ඇත්තේ බෙරන්නාව මහා විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි වියේ පසු වූ නෙතුකි සහන්යා නම් දියණියයි.

තැන්නවත්ත ප්‍රදේශයේ සිට පතනේගල දෙසට දිවෙන මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් සිටින අතරතුර එම ස්ථානය ආසන්නයේ සුනඛයෙකු රැඳී සිටිනු දැක ඒ පිළිබඳව විමසිලිමත් වීමේ දී මෙම සිරුර හමුවී තිබුණා.

එම ස්ථානයේ සිටි පිරිස විසින් සිදු කළ වැඩිදුර සොයා බැලීමේ දී කිතුල් ගසක අතු පතරට යටවී තිබිය දී දැරියගේ දේහය හමුවූ බව යටියන්තොට පොලීසිය තහවුරු කරනවා.

පසුගිය 27 වන දින පස්වරු කාලයේ සිදු වූ මෙම අවාසනාවන්ත නායයෑමේ සිද්ධියෙන් අදාළ දැරියගේ මව, පියා, බාල සොහොයුරා සහ මිත්තණිය යන පවුලේ සාමාජිකයින් සියලු දෙනා පස් කන්දට යටවී තිබුණා. මෙම අනතුර සිදුවී දින දෙකකට පසුව දැරියගේ මවගේ සිරුර සොයා ගැනීමට හැකි වූ අතර පියා, සහෝදරයා සහ මිත්තණියගේ සිරුරු මේ වන තෙක් හමුවී නැහැ.

සිද්ධිය වූ ස්ථානයෙන් ගොඩගන්නා ලද දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මේ වන විට කරුවනැල්ල රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Previous article“අම්මා දැන් සුව අතට හැරෙමින් සිටිනවා” – හෙළ ගී රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දියණිය කියන කතාව…
Next article“අනේ මගේ රෝස මල. මාව දාලා කොහෙද ඔයා ගියේ දෙයියනේ. කවදද මං ආයේ ඔයාගේ ඒ ලස්සන හිනාව පිරිච්ච මූණ දකින්නේ…” හීන ගොඩක අවසානය කඳුළින් නිම වෙයි.
error: Content is protected !!
Verified by MonsterInsights