Home සයුරෙන් එහා පුවත් සිනමාවේ තවත් අතිශ්‍ය ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් අවාසනාවන්ත ලෙස සිය දිවි ගමනින්...

සිනමාවේ තවත් අතිශ්‍ය ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් අවාසනාවන්ත ලෙස සිය දිවි ගමනින් සමු ගනී !

0
60

 

කන්නඩ සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ සන්තෝෂ් බාලරාජ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 34ක්.

අක්මාව හා වකුගඩු ආශ්‍රිත රෝගාබාධවලින් පීඩා විඳිමින් සිටියදී ඊයේ (06) ජීවිතක්ෂයට පත්වුණා.

සන්තෝෂ් බාලරාජ් මිය ගොස් ඇත්තේ බැංගලෝරුවේ කුමාරස්වාමි ලේඅවුට් හි ඇපලෝ රෝහලේදීයි.

ඔහු පසුගිය මාසයේ සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහුගේ මරණයට හේතුව වී ඇත්තේ, අක්මාව හා වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇති වූ දැඩි සෙංගමාලයයි.

“කුරංගි” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සන්තෝෂ් බාලරාජ්, “දින” සහ “සාවිත්‍රි” වැනි චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ලබා දී තිබෙන අතර ඔහුගේ හදිසි වියෝව ගැන කන්නඩ සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කණගාටුව පළ කර තිබෙනවා.

Previous articleකුඩා කල පටන් පැවති ආශාව ඉෂ්ට කර ගනිමින් වෙස් බැන්ඳ විශේෂඥ්‍ය වෛද්‍යවරයා !
Next articleචූටි රෝස මලත් එක්ක , තිසරයි නිශීයි අපුරු ගමනක් ගිහින්.
error: Content is protected !!
Verified by MonsterInsights