ලොවක් කම්පා කළ ගුවන් අනතුරක් ගැන තවත් ආරංචියක්.. එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මාස ගණනකට පසු ඇසෙන ඒ වෙනස්ම කතාව මෙන්න..

ලොවක් කම්පා කළ ගුවන් අනතුරක් ගැන තවත් ආරංචියක්.. එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මාස ගණනකට පසු ඇසෙන ඒ වෙනස්ම කතාව මෙන්න..

ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපලේ සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බොයිං 787 වර්ගයේ යානයක් ගුවන්ගතවී සුළු මොහොතකින් අහන්නට ලැබුණේ ලෝකයක් කම්පා කරන පුවතක්.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 260 දෙනෙකු සිට ඇති බවයි එවකට ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

ඒ ඛේදජනක ගුවන් අනතුරකට මුහුණ දුන් එයාර් ඉන්දියා ගුවන් යාන මගීන් සිව් දෙනෙකුගේ පවුල් විසින් ගුවන් යානා නිෂ්පාදක බෝයිං (Boeing) සහ ගුවන් යානා කොටස් නිෂ්පාදක හනීවෙල් (Honeywell) සමාගම්වලට එරෙහිව ඇමරිකාවේදී නඩු පවරා තිබෙනවා.

මෙම පවුල් චෝදනා කරන්නේ, ගුවන් යානයේ අක්‍රිය ඉන්ධන ස්විචයන් හේතුවෙන් අනතුර සිදුවූ බවත්, සමාගම් දෙකම අවදානම් ගැන දැන සිටියද “කිසිවක්” නොකළ බවයි.

ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, සමාගම්වල නොසැලකිලිමත්කම මෙම අනතුරට හේතු වූ බවයි.

2024 ජුනි මාසයේදී ලන්ඩන් වෙත පියාසර කිරීමට නියමිතව තිබූ, එයාර් ඉන්දියා 171 දරණ බෝයිං 787 ගුවන් යානය, අහමදාබාද් (Ahmedabad) ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ මොහොතින් පසු කඩා වැටීමෙන් පුද්ගලයන් 260 ක් මිය ගියා.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ගුවන් යානය ගුවන් ගත වූ විගස එන්ජින්වලට යන ඉන්ධන සැපයුම කපා හැරී ඇති බවයි.

ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) මූලික වාර්තාවට අනුව, ඉන්ධන ස්විචය run යන ස්ථානයේ සිට cut-off යන ස්ථානයට මාරු වී ඇති අතර, එමගින් ගුවන් යානයේ තෙරපුමට බාධා වී තිබෙන බවයි.

World Gossip