Home සයුරෙන් එහා පුවත් රසිකයින් හඬවමින් තවත් ජනප්‍රිය හොලිවුඩ් තරුවක් ජිවන අහසින් සමුගනී…

රසිකයින් හඬවමින් තවත් ජනප්‍රිය හොලිවුඩ් තරුවක් ජිවන අහසින් සමුගනී…

0
52

 

මේ කියන්න හදන්නේ දුක්බර පුවතක්…

හොලිවුඩ් නළු මයිකල් මැඩ්සන් මිය ගොස් ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 67 හැවිරිදි වියේ පසුවූ ඔහු කැලිෆෝනියාවේ පිහිටි නිවසේදීයි මියගොස් ඇත්තේ.

එසේම හෘදයාබාධයක් නිසා ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

මැඩ්සන් 1957 සැප්තැම්බර් මාසයේදී චිකාගෝ හි උපත ලබා ඇති අතර, ඔහුගේ පියා දෙවන ලෝක යුද්ධයේ නාවික හමුදාවේ සේවය කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ මව චිත්‍රපට නිෂ්පාදකවරියක්.

ඔහු සයිඩ්වේස් ඇතුළු චිත්‍රපට කිහිපයක් සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන්ම ඔහු Reservoir Dogs, Kill Bill: Vol. 2, The Hateful Eight සහ Once Upon a Time in Hollywood යන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Previous articleමදුරුවෙක්ගේ ජිවන චක්‍රෙවත් මෙච්චර වේගවත් නෑ දෙයියනේ” – තිසරගේ පළමු බිරිඳගෙන් කෝචෝක් එකක්
Next articleඔහු නැති අඩුව මැණික් කොහොම දරාගන්නද ? ඔහුගේ වියෝවෙන් වසරක් ගෙවුනු තැන ආදරණීය ඇය ඔහු වෙනුවෙන් කල උතුම් පිංකම මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights