Home දේශිය පුවත් රටක් බලාපොරොත්තු දල්වාගෙන සිටින අනුදි, අපේ නිල් මැණික ලෝක රූ රැජින තරගයෙන්...

රටක් බලාපොරොත්තු දල්වාගෙන සිටින අනුදි, අපේ නිල් මැණික ලෝක රූ රැජින තරගයෙන් තවත් පිම්මක් පනී..!

0
53

72 වන Miss World තරගාවලියේ Talent Competition තරග අංශයෙන් අර්​ධ අවසන් පූර්ව වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.

Talent Competition මූලික වටයෙන් ලොව සෑම මහාද්වීපික කලාපයක්​ම නියෝජනය කරමින් රටවල් රැසක් තරග කර ඇති අතර අනුදි ආසියාව සහ ඕෂනියාව මහාද්වීපික කළාපයෙන් අර්​ධ අවසන් පූර්ව වටයට තේරී පත්වූ තරගකාරියන් 13 දෙනා අතරට තේරී පත්වී තිබෙනවා.

Asia and Oceania කලාප‍යෙන් අර්​ධ අවසන් පූර්​ව වටය​ට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර හැරුණුවිට ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය, බංග්ලාදේශය ඇතුළු රටවල 13 ​ක රූ රැජිණියන් තේරී තිබෙනවා.

එමෙන්ම ඇමෙරිකාව සහ කැරිබියන් දූපත් නියෝජනය කරමින් රටවල් 10 ක්, අප්‍රිකාව නියෝජනය කරමින් රටවල් 09 ක්, යුරෝපය නියෝජනය කරමින් රටවල් 16 ක රූ රැජිණියන් Talent Competition හි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බවයි දැක්වෙන්නේ.

Previous articleයුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොතේ එදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ කල ප්‍රාර්ථනය මෙන්න.
Next articleමතකද ඔහුව ? ඒ අවාසනාවන්ත ඉරණම ඔහුට අත්වී දහතුන් වසරක්.. ඔහුට යුක්තිය කවදා ඉටු වේවිද ?
error: Content is protected !!
Verified by MonsterInsights