27 උදේ මුරැගසං වැස්ස පටන් ගත්තා..
මමත් උඩුබද්දාවේ AGA නෝනා ඇතුලු රාජ්‍ය නිලධාරීන් ස්ථානගතවෙලා හිටියේ තුන්තොට ඔය ගාව කටිටිමහන….එතන තමයි අපිට ප්‍රදේශයේ අවදානම්ම තැන….
හිතා ගන්න බැරිවිදිහට වැස්ස වැස්සා..
පීටර්වත්ත අඟුළුව න් පලුගමුව ගමිපිටින් යටවෙන්න ගත්තා…..
. AGA office නිලධාරීන් බෝට්ටු යොදවල ින් ගම්වැසියන් බේරගන්න උපරිම උත්සාහ ගන්නවා…
ඒ අතර සංවේදන කටයුතු බිඳ වැටුණ….
ලංකාවේ සන්නිවේදන
ආායතන අයිතිකාරයන්ට නම් ගෞරවයෙන් දෙවි පිහිටයි😡😡😡….
දවස පුරා වැස්සා තුන් තොට ඔය යක්ෂා රූඩ වෙලා අඩිදහයක් විතර වතුර පාර මර හඩ දීගෙන ගලනවා..
හැම තැනම ගෙවල් රාජ්‍ය ආයතන යට වෙන්න ගත්තා….. කර කියා ගන්න දෙයක් නෑ.. යක්ෂයාගේ රාත්‍රිය උදාවුනා……
මරන බය හැම තැන…….
මැදගම.. මගේ සෞඛ්‍ය බල ප්‍රදේශයට (කුරැනෑගල අවසන් කෙලවර.)ගෑවිලා තියෙන..පුත්තලම දිස්ත්‍රික්කයට officially අයත් ලස්සන ගමක්..උඩුබද්දාව AGA office බල පුදේශයෙන් පිට..
… ජනගහනය 250විතර..
ඒ ගමේ එක පැත්තක් ලොකු කුඹුරු යාය තුන් තොට ඔය මාරාවේස වෙලා ගම පැත්තට හැරුණා . එහා පැත්තෙන් කුඹුරු යාය ඒ වගේම ගගක් වගේ පිරුනා .perfect death trap…
. ගමට වතුර දාද්දි ටික ටික මිනිස්සු ගෙදර බඩු වහල එල්ලලා බලාගෙන හිටියා අඩිය දෙක අන්තිමට අඩි 10 දක්වා ගංවතුර ආවා…..
ගමේ උසම තැන තිබ්බේ පන්සලේ බණ මඩුව මිනිස්සු ඔක්කොම එතෙන්ට එකතු වුණා …..
මහ රෑ වෙද්දි බණමඩුවත් යටවෙන්න ගත්තා phone වැඩ නෑ. 😡😡😡මිනිස්සු දරුවෝ බදාගෙන අඬන්න ගත්තා. මරණය අත ළඟ….. ඒ වෙලාවේ අසල ගමක මනුස්සයෙක් නම අනුර….. තමන්ගේ ජීවිතයද ගැන නොසිත ඔය හරහා බෝටිටුවකින් ආවා……
ගමේ… සියලු දෙනාව… විලාප නගා ගෙන ගලා යන සැඩ පහරේ…… උස්බිමකට අරන් ගියා…..
ලංකාවේ හැමෝගෙම අවධානය කලාවැව පාලමේ rescue operation එකට යොමු වෙලා තිබුනු මූසල රාත්‍රියේ තනි මිනිහෙක් ජීවිත දෙසිය පනහක් බේර ගත්තා..දරැවෝ බඩදරැ අමිමල.. ලියද්දිත් මගේ ඇග හීතල වෙනවා…
දවස් දෙකකට පස්සේ ගමට යන කොට අපි..
, මිනිස්සු කිවිවේ
සර් අනුර හිටියේ නැත්නමි.. සර්ලට බේත් කරන්න නෙමෙයි වෙන්නේ අපේ මිනී එකතු කරන්න…..post mortem කරන්න
එහෙම වුනා නම් අද මුලු මේ පැත්තම.මල ගමක්…
මම කවදාවත් දැකලත් නැති අහලත් නැති මේ වීරයා…,..
ලංකාවේ වීර නාමාවලියට…..කැප්පෙටිපොල පුරන් අප්පූ පරපුරට මෙසේ එකතු කරනවා…
