මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා සහ නිලිය ලෙස සම්මාන ලබන්නේ, චතුරංග කොඩිතුවක්කු සහ දුෂේනි මියුරංගි.
‘ජහුටා’ අරන් ආලින්දයට ගොඩවෙන මේ දෙන්නට, ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සෑහෙන්න.
මේ දවස්වල සමාජ මාධ්‍යයේ කතාබහක් ඇතිවෙලා තියෙනවා, මේ දෙන්නා පෙම්වතුන් ද කියන කාරණාව ගැන.
පහුගිය දවසක චතුරංග – දුෂේනි දෙන්නා සහභාගී වෙනවා, රූපවාහිනි වැඩසටහනකට.
එහිදී නිවේදිකාව අහපු ප්‍රශ්නයක් තමයි මේ කතාබහට අත්තටු වෙලා තිබුණෙ.
චතුරංග – දුෂේනි පෙම්වතුන් ද ? කියන කාරණාව අහන නිවේදිකාවට, දුෂේනි දෙන උත්තරේ තමයි
‘ඔයාලට අපිව බලාගන්න පුළුවන් ජහුටා තුළින් හංසයා සහ සමාධි විදියට. එච්චරයි’ කියන එක.
ඒ වගේම තමන් මේ වෙද්දි පෙම්වතියක් නොවන බවත්, ඇය එතැනදී ස්ථිරව ම කියනවා.
Source – ChannelE










