Home Uncategorized ඔයත් කුරුලෑ කඩා ඉවත් කරන කෙනෙක්ද? එහෙනම් මේ කරුණු අනිවාර්යෙන් දැනගන්න…

ඔයත් කුරුලෑ කඩා ඉවත් කරන කෙනෙක්ද? එහෙනම් මේ කරුණු අනිවාර්යෙන් දැනගන්න…

0
34

 

 

මුහුණේ ඇති වන කුරුලෑ ඉවත් කරන්න ඒවා කඩා දැමිම ඔබත් සිදුකරනවද?

ඇත්තෙන්ම බොහෝ දෙනෙක් කුරුලෑවක් ඉවත් කිරීම සඳහා ඒවා මිරිකා දැමීම සිදුකරනවා. සමහරවිට ඔබත් ඒ අයගෙන් කෙනක් වෙන්න පුළුවන්.

කුරුලෑවල තෙල් සහ බැක්ටීරියා පැවතීම හා නිසා කුරුලෑ කඩා දැමීම සමහර විශේෂඥයින් විසින් නොකල යුතු දෙයක් ලෙස හඳුන්වනවා.

ඒ වගේම කුරුලෑ කැඩීමෙන් පසු එහි කොටස් සමේ ඉතිරිවන බවත් ඔවුන් පවසනවා.

ඒ නිසා කුරුලෑ කැඩීම නිසා බොහෝ විට සිදුවෙන්නේ හොඳ දේවල් වලට වඩා හානිදායක ප්‍රතිඵලයි.

වඩාත්ම නරක දේ තමයි කුරුලෑවක් කැඩීම නිසා එම ස්ථානයේ කල් පවතින කැලැල් ඇති වීමට ඉඩකඩ පැවතීම.

ඒ වගේම කුරුලෑව කඩා දැමූ පසු ඒ වටා ඇති සමේ ඉදිමුමක් සහ දැවිල්ලක් ඇතිවීම සමාන්‍ය දෙයක්.

කුරුලෑවේ සිදුරේ වටා ඇති සම අපවිත්‍ර වීම නිසා තව තවත් කුරුලෑ ඇතිවීම සිදුවන්නටත් පුළුවන්.

කුරුලෑවක් කඩා දැමීමෙන් පසු ඔබේ සමේ විවර වීමක් සිදුවනවා. මේ හේතුවෙන් අසාදනයන් ඇති වන්නට වගේම බැක්ටීරියා සමේ ගැඹුරටම ගමන් කිරීමට ඉඩ සැලසෙනවා.

කුරුලෑවක් කඩා දැමීමෙන් ඔබ සිදුකරන්නේ ඔබේ සම බැක්ටීරියා අසාදනයන්ට ලක්වීමට වැඩි අවස්ථාවක් ඇති කිරීමයි.

මේ මොනදේ කිව්වත් තවමත් ඔබට අවශ්‍ය කුරුලෑ කැඩීමට නම්, මෙන්න මේ විදහට එය සිදුකලොත් සිදුවෙන්න පුළුවන් හානිකර තත්වයන් අඩුකරගන්න පුළුවන් වේවි.

කුරුලෑවක් කඩා ඉවත් කරන්න කලින් එම කුරුලෑව මිරිකා දැමීමට තරම් වර්ධනය වී තිබිය යුතුයි. ඒ වගේම කුරුලෑවක් කඩන්න කලින් අත් ආවරණ පැලදීම හෝ ටිෂු එකක් භාවිතා කිරීම වඩාත් සුදුසු බව විශේෂඥයින් පවසනවා.

එසේ නැතිනම් විෂබීජහරණය කල කටුවකින් කුරුලෑවේ මැද සිදුරු කිරීමත් කුරුලෑවක් ඉවත් කරගැනීමට තිබෙන වඩාත් හොඳ ක්‍රමයක් ලෙස ඔවුන් හඳුන්වනවා.

Previous article“ඔයාගේ ජීවිතේ තව ලස්සන වෙන්න පතනවා” – රිද්මාගේ උපන්දිනය දවසේ රොෂාන් කරලා තිබුණ දේ බලන්නකෝ…- photos
Next articleඅසනීප වෙලා ඉන්න රටක් ආදරේ කරන රංගන ශිල්පිණි මානෙල් වානගුරු ඇගේ උපන්දිනය දා පුදුම වුනු හැටි..
error: Content is protected !!
Verified by MonsterInsights