Home Uncategorized ඔබත් නිතරම පර්ෆියුම් ගහන කෙනෙක්ද ? එහෙනම් බලාගෙනයි ! මේ ගැනත් අවධානයෙන්...

ඔබත් නිතරම පර්ෆියුම් ගහන කෙනෙක්ද ? එහෙනම් බලාගෙනයි ! මේ ගැනත් අවධානයෙන් ඉන්න

0
65

Perfume නිපදවීමේදී රසායනික ද්‍රව්‍ය භාවිතා කරන නිසා, ඒවා ගැල්වීම ප්‍රවේශමෙන් කරන්න ඕනේ.ඒ වගේම පරිස්සම් වෙන්නත් ඕනේ.මොකද සමහර Perfume වර්ග ඇස් වලට ගියොත් අන්ධ වෙන්න පුළුවන් .

ගොඩක් අය ඇඳුම් ඇඳීමෙන් පසුව, Perfume ගල්වන්න පුරුදු වෙලා ඉන්නවා.හැබැයි ඒ ක්රමය වැරදියි.ඇඳුම් වල තැවරූ සුවඳ විලවුන් වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඒ වගේම සුවඳ විලවුන් ගැල්වූ ඇඳුම් වල පැල්ලම් මතු වීම සහ ආභරණ මත තවරුනොත් ඒවායේ පෙනුම නැති වෙලා යනවා

Perfume ගැල්විය යුත්තේ පිරිසිඳු කර ගත් ශරිරයේ කණ දෙපස, කිහිලි වල, පපුවේ මැද සහ මැණික් කටුව වැනි ස්ථාන වල.එවිට සුවඳ වැඩි වෙලාවක් පවතිනවා.

සුවඳ විලවුන් පෙඟවූ පුළුන් කැබැල්ලක් සිරුරේ ඕනෑම තැනක රඳවා ගැනීමෙන් සුවඳ වැඩි වෙලාවක් රඳවා ගන්න පුළුවන්.

ඇතැම් සුවඳ විලවුන් වර්ග ගැල්වූ ගමන්ම සුවඳ එන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ Perfume එක සකස් කරලා තියෙන්නේ දහදිය දැමූ විට සුවඳ දැනීමට වෙන්න පුළුවන්

රසායනික ද්රව්ය අධික Perfume වර්ගයක් නිතර භාවිතා කිරීම නිසා, සමේ ආසාදන ඇති වෙන්නත් පුළුවන්.

Perfume මිලදී ගැනීමේදී අනිවාර්යයෙන්ම සමේ ගල්වා නියම සුවඳ හඳුනාගෙන තෝරා ගන්න

සමහර අයට කෙනෙක් භාවිතා කරන Perfume නිසා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්.ඒ නිසා Perfume භාවිතයේදී අධික ලෙස ගැල්වීම සිදු නොකරන්න.

(Source – behappy)

Previous articleවිශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ලැබෙන විශේෂ ලකුණ.. සරසවි යන්න බලාගෙන ඉන්න දු පුතුන්ට සුබ ආරංචියක්..
Next articleඔබේ ලග්නෙට හරියනම මැණිකක් තොරගන්නේ කොහොමද? ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට ගොඩක් වැදගත් වේවි
error: Content is protected !!
Verified by MonsterInsights