දණහිස් කළුවීම නිසා කැමැති විදියට ඇඳුම් අඳින්න බැරුව දුක් වෙනවද? එහෙනම් මෙන්න ඔබට වැදගත් ලිපියක්

දණහිස් කළුවීම නිසා කැමැති විදියට ඇඳුම් අඳින්න බැරුව දුක් වෙනවද? එහෙනම් මෙන්න ඔබට වැදගත් ලිපියක්

ඕනෑම තරුණියක් කැමති ලස්සනට අඳින්න පළඳින්න. ඒ අතරින් ගොඩක් තරුණියන් ටිකක් කොටට අඳින්න. එහෙම අයට තිබෙන ගැටළුවක් තමයි දණහිස් කළුවීම. සමේ ඇති අධික වියළි බව නිසා හෝ ජානමය සාධක මත මෙම තත්වය ඇතිවීමට පුළුවන්. මෙම ලිපියෙන් කියවෙන්නේ නිවසේදීම ඔබට කලහැකි සරල සත්කාර කිහිපයක්. එමගින් ඔබට හැකිවේවී ඔබට කැමති ආකාරයට ඇඳුම් පැළඳුම් අඳින්න.

01. කඩල පිටි සහ මුදවපු කිරි
කඩල පිටි කියන්නේ ස්වාභාවිකව සම පිරිසිදු කරන්න පුළුවන් පිරිසිදුකාරකයක්. මුදවපු කිරි වලින් සම පෝෂණය කරමින් සම වියලීමට ඇති ඉඩ වළක්වනවා. මුදවපු කිරි සහ කඩල පිටි අවශ්‍ය ප්‍රමාණයට ගෙන තලපයක් මෙන් පිළියෙළ කර ගෙන දණහිස් වල ආලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.

02. බේකින් සෝඩා සහ කිරි
බේකින් සෝඩා සම පිරිසිදුව තබා ගනිමින් මියගිය සෛල ඉවත් කරනවා. කිරි තුළ පවතින ලැක්ටික් අම්ලය සහ ඇමයිනෝ අම්ල සමේ තෙතමනය ආරක්ෂා කරමින් දිගු කාලයක් සම සෞඛ්‍ය සම්පන්න කරනවා. බේකින් සෝඩා තේ හැඳි 2ක් සහ කිරි මේස හැඳි 2ක් හොඳින් මිශ්‍ර කර දණහිස් වල ආලේප කර විනාඩි 10ක් පමණ හොඳින් සම්බාහනය කරන්න. තවත් විනාඩි 10ක් පමණ තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

03. කඩල පිටි සහ ලෙමන්
කඩල පිටි වගේම ලෙමන් වලිනුත් සම පිරිසිදු කරනවා. කඩල පිටි සහ ලෙමන් යුශ මිශ්‍ර කර සාදා ගන්නා ආලේපය ස්ක්‍රබ් එකක් විදිහට අඳුරු පැහැ දණහිස් වලට භාවිත කරන්න ඔයාට පුළුවන්.

04. කහ, මී පැණි සහ කිරි
කහ කියන්නේ හොද විශබීජ නාශකයක්. ඒ වගේම සම පැහැපත් කරන්නත් උදවු වෙනවා. මී පැණි වලට සමේ තෙතමනය ආරක්ෂා පුළුවන්. කිරි වලින් සමට ඉතා ඉහල පෝෂණයක් ලබා දෙනවා. ඒ වගේම සම පැහැපත් කරනවා. මෙම ද්‍රව්‍ය 3 හොඳින් මිශ්‍ර කර ඝනකම් ආලේපයක් සකසා පිරිසිදු කර ගත් දණහිස් මත හොඳින් ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පසුව සෝදා හරින්න. සතියට දෙවරක් හෝ තුන් වරක් භාවිතා කරන්න.

05. විටමින් E සහ සීනි
විටමින් E කරල් දෙකක තෙල් සහ සීනි තේ හැඳි එකක් හොඳින් මිශ්‍ර කර අවපැහැ වුනු ප්‍රදේශයේ ආලේප කර හොඳින් පිරිමදින්න. මේ මිශ්‍රණය ස්ක්‍රබ් එකක් විදිහට ක්‍රියා කර සමේ මැරුණු සෛල ඉවත් කර සම පෝෂණය කරනවා.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-

Uncategorized