Home දේශිය පුවත් සැවොම කඳුළක ගිල්වමින් සිරස හැඩකළ අසංකා හදිසියේම දිවි ගමනින් සමුගනී

සැවොම කඳුළක ගිල්වමින් සිරස හැඩකළ අසංකා හදිසියේම දිවි ගමනින් සමුගනී

0
870

 

සිරස ටීවී වැඩසටහන්වල පූර්වකයන් සහ සම්පත් දායකයින් හැඩකළ දක්ෂ අංග රචනා ශිල්පිනියක වූ අසංකා මනෝරි අතුකෝරල මහත්මිය, ඇයගේ ආදරණීයයන් සහ සහෝදර කාර්ය මණ්ඩලය දැඩි කම්පනයට පත් කරමින් හදිසියේම ජීවිතයෙන් සමුගත්තාය. මිය යන විට 48 වැනි වියේ පසු වූ ඇය 1977 දෙසැම්බර් 11 වැනිදා උපත ලැබූ අතර කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි. මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි අසංකා, 2007 වසරේ අගෝස්තු 01 වැනිදා කැපිටල් මහාරාජා සමූහයේ සේවයට එක්වූ දා පටන් රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයට පැමිණෙන සියල්ලන්ගේම ආදරය දිනා ගනිමින් සිනහමුසු මුහුණින් යුතුව දිගු කලක් සිය මෙහෙවර මැනවින් ඉටු කළාය.

ඇයගේ මේ නොසිතූ විරූ හදිසි වියෝව ඇයව හඳුනන කිසිවෙකුටත් අදහාගත නොහැකි දැඩි වේදනාවක් ගෙන දී තිබේ. අසංකාගේ දේහය හෙට පස්වරු 3 දක්වා තලංගම, කොස්වත්ත පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට පස්වරුවේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. සැමදා සිනහවෙන් සිටි ආදරණීය අසංකා, ඔබට නිවන් සුව අත්වේවා! යන්න අපගේ ප්‍රාර්ථනයයි.

Previous articleඋදෑසන අවදිවන විට මුළු සමම නිල් පැහැ වූ පුද්ගලයෙක් හදිසියේ රෝහලට.. වෛද්‍යවරුන් මවිත කළ සිදුවීමක් ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleඅද දවල් 2න් පස්සේ ලොකු වෙනසක්! මෙන්න සම්පූර්ණ විස්තරය
error: Content is protected !!
Verified by MonsterInsights