පරිස්සමෙන් යන්න මගේ ආදරණීය අන්තෝනියෝ 🕊🏳️
ජීවිතේ හරි පුදුමාකාර අහඹු සිදුවීම් වෙන්නෙ. සීයව බලාගන්න ඇවිත් අදට හරියටම අවුරුදු 3ක්. ඒ අවුරුදු තුනම ඇහැක් වගේ බලාගත්ත මගේ ආදරණීය සීයා අද ස්වර්ගස්ථ වුණා. ඒ නිකං නෙමෙයි මගේ ජීවිතේට දහස් ගාණක් පාඩම් කියලා දීලා, මගේ ජීවිතේ මම ගොඩාක්ම ස්තූතිවන්ත වෙන මිනිස්සු අතුරින් කෙනෙක් වෙලා 🥹❤️
ඉතාලියට පය තිබ්බ ගමන් හම්බුණ පලවෙනි රස්සාව වුණේ ඔයාව බලාගන්න එක. ලංකාවේ හෝටලේක හොඳ රස්සාවක් කරලා එක පාරම freelance caregiver කෙනෙක් වුණ එක මට ලොකු අභියෝගයක් වුණා. ඒත් මම බෑ කිව්වේ නෑ. ඔයාව හරි ආදරෙන් වැලඳගත්තා… මම ඔයාගේ මල ඔක්කොම පිරිසිදු කලා, තුවාල වලට බෙහෙත් දැම්මා, ඔයාට හොඳට රසට කැව්වා, පෙව්වා, නිදිමරාගෙන ඔයා වෙනුවෙන් සෑහෙන්න දේවල් කලා, බෙහෙත් දීලා ඔයාව මගේම තාත්තා වගේ බලාගත්තා. පණ ටික යන්නත් විනාඩියකට කලින් වතුර ඩිංගක් පොවලා මගේ ඇස් දෙක ඉස්සරහම අවුරුදු ගාණක් තිස්සේ ඔයා විඳවපු දුක් කන්දරාවක් ඉවර කරලා කිසිම කල්පනාවක් නැතුවත් ඔයා හැම වෙලේම නම කියපු ඔයාගෙ අම්මා ගාවට ගියා.
ඔයා මගේ ජීවිතේට කියලා දුන්නු ලොකුම පාඩම තමයි “ඉවසීම”
මගේ ජීවිතේ හැම අභියෝගයක්ම ජයගන්න ගොඩාක් පුරුදු ඔයා මට නිහඬවම පුරුදු කලා. ඔයා නිසා මම සෑහෙන්න අරමුණු ඉශ්ට කරගත්තා. මේ නන්නාදුනන රට ඇතුලේ සෑහෙන්න ස්ථාවර වුණා. සෑහෙන්න අත්දැකීම් ලැබුවා. ඒ පිනම ඇති ඔයාට නිදහසේ සැනසෙන්න. ඒකයි ඔයා මගේ ජීවිතේ වැඩියෙන්ම ස්තූතිවන්ත වෙන අය අතරින් කෙනෙක් වෙන්නෙ.
ඉතිං අන්තෝනියෝ,
ජීවිතේ අනන්ත දුක් කරදර හැමදෙයක්ම ඉවරයක් කරලා අන්තිමේදි ඔයා නිදහසේ සැතපුන එක ගැන ඔයාව බලාගත්ත මට තියෙන්නේ ලොකු සැනසීමක්.. අපේ සංසාර ගනුදෙනු මෙතනින් ඉවර වේවි ❤️🥹
Resta in pace tesoro mio. Ti adoro e ti voglio sempre bene ! Sei più bello del mondo come sempre !