” මේ බස් දෙක හැප් පුනේ මගේ ඉස්සරහමයි. මට මීටර් 15ක් විතර ගැප් එකක් තිබුණා. හම්බන්තොට පැත්තෙන් ආපු බස් එක දුම නිසා පාරේ පෙනුණේ නැහැ. මම ආවේ කතරගම – කොළඹ බස් එකේ පිටිපස්සෙන්, දෙබරවැව පැත්තෙ ඉඳන් ..
පාරේ ලොකු දුමක් තිබුනා පිදුරු ගිණි තියලා..බස් දෙක ගැ ටුණු සද්දේ ඇහුණාට පස්සේ මම බයික් එක නතර කරලා එතැනට දිව්වා. ඇත්තටම හෝන් එකක්වත්, බ්‍රේක් ගහන සද්දයක්වත් මට ඇහුණේ නැහැ. ආපු වේගෙන්ම හැප් පුනා වගේ තමයි පෙනුණේ. ගොඩක් අය තු වාල නිසා 1990 ට කතා කරලා ඇම්බියුලන්ස් එකට දැනුම් දුන්නා. මගේ පිටිපස්සෙන් ආපු ස්කූටි එකක හිටපු කොල්ලෙක් පොලීසියට කතා කළා…
ඩ්‍රයිවර්ලා දෙන්නම නිවැරදියි කියලා කියන්නත් බැහැ, වැරදියි කියලා එක පැත්තකට දාන්නත් බැහැ. හැබැයි ඒ වෙලාවේ පාර පෙනුණේ නැති තරම් දුම තිබුණා කියන එක ඇත්ත. මේ ෆොටෝ එක ගත්තේ බස් දෙක හැ ප්පුනට විනාඩි 3කට විතර පස්සේ. ඒ වෙලාවේවත් මිනිස්සු වැඩිය එකතු වෙලා හිටියේ නැහැ.. දුම යම් ප්‍රමාණයක් අඩු වෙලත් බස් දෙක පේන්නේ නෑ .. දුම නිසා හුස්ම ගන්න අමාරුයි ඒ වෙලාවෙ පස්සට ඇවිත් මුල් ෆොටෝ එක ගත්තේ.. වෙන ෆොටෝ නෑ ඔච්චරයි ගත්තේ..
හැබැයි මේකෙන් මම දැක්ක ලොකුම එකක් තිබුණා. මිනිස්සු ඇත්තටම මාරම හොඳයි. කට්ටිය හැමෝම දුවලා ඇවිත් උදව් කළා. තු වාල වුණු අයව ඉක්මනින් අරගෙන හො ස්පිටල් යවන්න හැමෝම එකතුවෙලා වැඩ කළා.. ලොරි එකකටත් ගොඩක් අය නංවාගෙන ඉක්මනට රෝ හලට යැව්වා … ඒ වෙලාවේ කවුරුත් බල බල හිටියෙ නැහැ, පුළුවන් විදිහට හැමෝම උදව් කළා. ඒක දැක්කම ඇත්තටම මිනිස්කම තවම තියෙනවා කියලා හිතුණා..
ගි ලන් රථ විනාඩි 10 වගේ ආවා.. පොලිසිය විනාඩි 05 වගේ ආවා.. ගොඩක් අය මහන්සි වෙලා විනාඩි 30 ඇතුලත වගේ රෝ හල් වලට යැව්වා..
* ශානක සම්පත් මුහුණුපොතේ සටහනක් *











