” පොඩි කාලේ නැන්දාගේ පුතා එක්ක අපි මල් දන්සලක් දුන්නා ගෙදර ළඟ. කමේ තියෙන මල් ඔක්කොම එක්කාහු කරා. හැබැයි කවුරුත් මං ගන්නෙ නෑ දන්සැලෙන්. හේතුව තමයි හඳුන්කූරක් නැති එක.
සල්ලිත් නෑ අතේ. ගෙදර ඉඳන් මීටර් 300ක් විතර ගියාපුවහම තියෙනවා බේක් හවුස් එකක්. හිතට දැනිච්ච දේවලේ හො රකමක් කරන්න බලාපොරොත්තුවෙන් කරේ නෑ ඒ දේ.
ජනේලෙ උළුවස්සෙන් ගියා මං බේක් හවුස් එක ඇතුලට. බකට් හතරක් පුරෝලා තිබුණා කාසි වලින්. සල්ලි අහුරක් අතර ගන්නකොට මං දැක්ක එහා පැත්තෙන් ඡායාවක් වගේ. හැරෙනකොටම වැදුන කකුල, ජරාස් ගාලා සල්ලි ටික ඔක්කොම බිම වැටුනා. අතට අහුවුන ටික අරගෙන මම දිව්වා. ඒ බේකරියේ කෙනා මට සීයා කෙනෙක් වෙන්නේ. මම දිව්වා. මම දැනගත්තා මේ සල්ලි ටික අරගෙන ගියත් දැන් වැඩක් නෑ, වෙච්චි දේ වෙලා ඉවරයි කියලා.
ඊට පස්සේ මම අම්මා වැඩ කරන තැනට ගිහින් බත් එක්කොත් කාලා ඉඳලා, ගෙදර එද්දි මට ඇහෙනවා තාත්තා කෑග හනවා. මම ආවා ගෙදරට. තාත්තා මාව අල්ල ගත්තා. තාත්තා බයිසිකල් හදනවා. අල්ලගෙන ගෙදර තියෙන කිතුල්ගහේ අත් දෙක තියලා ගැට ගැහුවා. තාත්තා එදා දීපු දඬුවම වටිනවා. මගේ හිත දන්නවා මේක කරේ මල් දන්සලට හඳුන්කූරු ගන්න.
තාත්තා නැති වෙලා දැන්. මේ කුසලානයත් තාත්තගෙ ආශිර්වාදයෙන් ආපු එකක්. තාත්තා ළඟ ඉන්නවා කියලා මං දන්නවා. තාත්තා පිටිපස්සෙන් ඉන්නවා මගේ. තැනැත්තන් අපි නෑ නේද. ”
* Got Talent කිරුළ දිනූ කටුවන සැන්ඩෝ *












