Home දේශිය පුවත් ආදරණීය මාලිනිය වියෝ වී තෙමසයි.! මාදිවෙල නිවෙසේ පැවති පිංකම… – photos

ආදරණීය මාලිනිය වියෝ වී තෙමසයි.! මාදිවෙල නිවෙසේ පැවති පිංකම… – photos

0
49

 

 

හෙළ සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා වියෝ වී මාස තුනයි.

ඒ් වෙනුවෙන් ඊයේ ඇගේ මාදිවෙල නිවසේ පැවැති ධර්ම දේශනාවට වැඩම කළේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේයි.

කාලෝචිත ධර්ම දේශනාවක් කළ උන් වහන්සේ ජීවිතයේ අනියත බව මෙන්ම සහ ආදරය පිළිබදව බුදුදහමින් ඉගැන්වෙන දේ මැනවින් පහදා දුන්නා.

අද දිනයේ දානමය පිංකම සිදු වුණා. ඊට ඇගේ පවුලේ උදවිය මෙන්ම හිතමිතුරන් රැසක් සහභාගී වුණා.

අභාවප්‍රාප්ත අපගේ ආදරණීය මාලනීය ජීවත්ව සිටි කාලයේදී හැමෝම සමග සිටියේ දැඩි මිත්‍රත්වයකින් හා ආදරකින්. හෙළ සිනමාවේ පමණක් නොව, දකුණු ඉන්දියානු චිත්‍රපටවල පවා රගපෑ ඇය අමතක නොවන චරිත රැසකට පණ පොවමින් රසික සිත් අමන්දානන්දයට පත් කළා.

තෙමස් පිංකමට සහභාගී වූ හැමෝම ඇයට පිං අනුමෝදන් කළේ සසරේදී කවදා හෝ නිවනින් සැනසීම ලැබේවායි පතමින්. !

 

Previous articleඅවුරුදු 300ක් ජීවත් වියහැකි පැරණි රහස් බෙහෙතක් හමුවෙයි..! ඒ ගැන ඇසෙන කතාව මෙන්න
Next article“ඇය මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…” එංගලන්තයේ දී නිරෝධාට අත් වූ අවාසනාවන්ත ඉරණම ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights