ඇය අනේකවිද දුක්විඳින්නට ඇති, තම දරුවාට සුවපහසු උපතක් ලබාදෙන්න..
ඒත් අවසානයේ මේ වගේ අදුරු ඉරණමක් අවසානයේ සියල්ලන්ටම ඒ සත්‍ය භාරගන්න සිදුවෙනවා. මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්.
නිර්මලා ඇල්ලේගල, ඇය හරිම ආදරණීය සිහිනයක් වෙනුවෙන් පෙරුම් පිරූ කාන්තාවක්. ඒත් අද ඒ හැම දෙයක්ම කඳුලකින් අවසන් වෙලා.
ජා ඇල , දෑලතුර පදිංචි 33 හැවිරිදි මේ කාන්තාව පසුගිය දිනක සිය දරු ප්‍රසූතිය වෙනුවෙන් රෝහල් ගත වුණත් ඇයට ඒ හීනය සැබෑවක් කරගන්නට බැරිවෙනවා.
ඇයට වගේම නිර්මලාගේ කුසයේ සිටි පුංචි බිළිඳියද ජීවිතය හැරදා ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. කොහොම වුණත් ඇයට ආදරය කළ බොහෝ දෙනෙක්ට නම් මේ මරණය තවමත් හීනයක්.