Home දේශිය පුවත් අද දවල් 2න් පස්සේ ලොකු වෙනසක්! මෙන්න සම්පූර්ණ විස්තරය

අද දවල් 2න් පස්සේ ලොකු වෙනසක්! මෙන්න සම්පූර්ණ විස්තරය

0
2328

අද (15) දවස ආරම්භ වුණේ හරිම සාමකාමී විදිහට වුණාට, දවල් දෙකෙන් පස්සේ තත්ත්වය සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන්.

නවතම නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට වගේම ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් අද පස්වරු 2.00 න් පස්සේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න නියමිතයි.

විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් තැන්වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි වැටෙන්න ඉඩ තියෙන බවයි වාර්තා වෙන්නේ.

වැස්ස විතරක් නෙවෙයි, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දකින්න ලැබෙනවා. වාහන පදවන අය මේ ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ..

වැස්සත් එක්ක එන ගිගුරුම් සහ තාවකාලික තද සුළං ගැන දෙපාර්තමේන්තුව දැඩිව අවධාරණය කරනවා. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Previous articleසැවොම කඳුළක ගිල්වමින් සිරස හැඩකළ අසංකා හදිසියේම දිවි ගමනින් සමුගනී
Next article“අමාරුයි කියද්දීත් අතරමග දාලා ආවා…..” සිරිපා මාවතේදී තනිවුණු බැතිමතාගේ අවසන් හෝරා කිහිපය, වගකීමක් නැති නඩ නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි වෙයි!
error: Content is protected !!
Verified by MonsterInsights