Home දේශිය පුවත් අප්‍රේල් 02 වෙනිදා ඉඳන් වෙනසක්! සම්පූර්ණ විස්තරය මෙන්න..

අප්‍රේල් 02 වෙනිදා ඉඳන් වෙනසක්! සම්පූර්ණ විස්තරය මෙන්න..

0
37
මේ ආරංචියට නම් ගොඩක් අය කැමති වෙයි!

පසුගිය දින කිහිපයේම දරාගත නොහැකි දැඩි හිරු රශ්මියෙන් පීඩා විඳි ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව හෙට (අප්‍රේල් 02) සිට දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ යම් වෙනසක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

කාලගුණ වාර්තා පවසන පරිදි බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
වැසි බලාපොරොත්තු වුවද, දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. එබැවින් රස්නයෙන් බේරී සිටීමට ජනතාව අවධානයෙන් සිටිය යුතුය.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.
Previous articleතමන්ගේ ගීතයක් තමන්ට වඩා හොඳට ගයද්දි මේ තරම් සතුටු වෙන්න හුගාක් අයට බැ.. නව ගායිකාවගේ දක්ෂතාවය ඉදිරියේ යොහානි පෑ නිහතමානිත්වය…
Next articleගෙදරින් අකැමති වුණා, එයත් ගෙදර ආවා, බොහෝම අමාරුවෙන් එයාලව කැමති කරවගත්තෙ භානුක රාජපක්ෂ හංඟන තිත්ත ඇත්ත හර්ෂි රසාංගා මුල සිට අගට හෙළිකරයි.
error: Content is protected !!
Verified by MonsterInsights