යුධ හමුදා ඉතිහාසය කඳුලින් වර්ණ ගන්වමින් පූර්ණ ආබාධිත රණවිරුවන් 5 දෙනෙකුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට මේජර් ජෙනරාල් නිලයන්…

යුධ හමුදා ඉතිහාසය කඳුලින් වර්ණ ගන්වමින් පූර්ණ ආබාධිත රණවිරුවන් 5 දෙනෙකුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට මේජර් ජෙනරාල් නිලයන්…

” යුධ හමුදා ඉතිහාසය කදුලින් වර්ණ ගන්වන
අවස්ථාවක්…..

පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු ඉතිහාසයේ ප්‍රථම වතාවට මේජර් ජෙනරාල් නිලයට….”

හැකි තරම් ඒ ගෞරවය ඔවුනට පිරිනමන්න කියලා මෙම සටහන කියවන රටට ආදරය කරන පරම්පරාවේ ඔබ සැමගෙන් කාරුණික සහ ගෞරවණීයව ඉල්ලා සිටිනවා….

යුධ හමුදාවේ 76 වන සංවත්සරය වෙනුවෙන් රණවිරුවන් සමුහයක් තනතුරට උසස් කෙරුනා.ඒ අතර මෙරට 76 වසරක හමුදා ඉතිහාසය වර්ණවත් කරමින්,
අපට ඇසට කදුළු එක්කරමින් පුර්ණ ආබාධිත
රණවිරුවන් 05 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුරෙ ඉදලා මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරුනා.

මෙම 05 දෙනාගෙන් 04 දෙනෙකුම මාගේ දීර්ඝ කාලීන මිත්‍රයන්.විවිධ රණවිරුවන් ආශ්‍රිත වැඩසටහන් රුසක් වෙනුවෙන් අප හා එක්ව ක්‍රියාකල ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමුහයක්.

මොවුන් මහා යුද්ධයක නිරතවෙලා,පුර්ණ ආබාධිත තත්වයට පත් වුන නිළධාරීන්.

මෙතන ඉන්න මා මිත්‍ර බ්‍රීගෙඩියර් සිසිර ධර්මසේන තමයි මෙරට යුධ ඉතිහාසයේ දෑස් දෙකම නොමැතිව, මේජර් ජෙනරාල් නිලයට පත්වුන ප්‍රථම හමුදා නිලධාරීයා.ඇත්තටම ඔහු වැන්නෙකු ජෙනරාල් නිලයට උසස් වීම සිහිනයක් කියලා මට දැනෙනවා.ඔහු 2000 අලිමංකඩ සටනට මැදිවෙලා, මොටාර් ප්‍රහාරයකින් දෑස් අහිමි වෙද්දී මම එකල කටයුතු කල රුපවාහිනී නාලිකාවෙ වැඩසටහන් සමහරක් අතහැරලා යුධ හමුදා රොහලට දුවන්නේ සිසිරව බලන්න.ඒ තරම්ම ඔහු එකල අපට සමීපයි.ඒ අලිමංකඩ සටනින් අපගේ හම්බන්තොට ශාන්ත මේරි මහ විදුහලෙ කීර්තිමත් ශිෂ්‍ය නායකයකුව, හමුදාවට මතු සපිරි නායකයකු ලෙස වටිනාකම් රුසක් එක්කල මේජර් සනත් බණ්ඩාර වැවේගම සොයුරා ජිවිතක්ෂයට පත්වුනා.ඒ වගේම ඒ සටනින් මේජර් ඒකල මහදිවුල්වැව අදටත් අංශභාගී තත්වයෙන් ජිවත් වෙනවා.

පසුගිය මාසවල මෙරට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී රටම අවධානය දිනාගත් , ” මිහිදන් නොවු මිනිසා ” ලියු, බ්‍රිගේඩියර් රංජන් විජෙදාස අප සහොදරයා මේජර් ජෙනරාල් නිලයට උසස් වීම, අප සිහිනයක් දකිනවා වගේ දො කියන මොකක්ද මහ සුන්දර එකක් මට දැනෙනවා.ඒක පසුබිමම මෙම නිළධාරීන් සියළු දෙනාටම විශෙෂයි.තම දකුණු අත , බොරුල්ල සුසාන භුමියේ මිහිදන්කර, එතනින් යුධ හමුදා මුලස්ථානයට යන විජෙදාසයන්, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කටයුතු කරනුයේ හදවතින්ම කැපවෙමින්.

විජයබාහු පාබල රෙජිමේන්තුව නියොජනය කරන, විජයබාහු රෙජිමේන්තු හිටපු මධ්‍යස්ථාන සේනා විධායක, බ්‍රිගේඩියර් ජීවන් ගුණතිලක අප සහෝදරයා මේජර් ජෙනරාල් තනතුරින් පිදුම් ලබනවා. හෙතෙම කුරිරු යුද්ධයේදී තම වම් පාදය අහිමි කරගත්, අපගේ ඉතාම මිත්‍රශීලී සහෝදරයෙක්. ඒ ලෙන්ගතුකම මේ නිලධාරින් සැමටම පිහිටි දුබල ගුණයක්. නිතරම සිනහමුසුව තමයි ඔවුන් අප සැම හා ගනුදෙනු කරන්නේ.ජීවන් සොයුරා සිනහව පෙරට අරගෙන වත්මනෙ රණවිරු ඇපරල් ආයතනය ඉදිරියට ගෙනෙයමින්,තම අබාධිත කම ආයතනයෙ අනාගතය වෙනුවෙන් ආභරණයක් කරගත් නිළධාරියෙක්.

යුද හමුදා සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන අප මිත්‍ර බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගෙ මහතාත් ඉතාම ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙක්.සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක ලෙස කලක් කටයුතු කළ හෙතෙම, වර්තමානයේ වේරහැර KDU Hospital ආයතනය නගාසිටුවිම පිණිස මහත් වෙහෙසක් ගනු ලබනවා.

යුධ හමුදා ගජබා රෙජිමේන්තුව බිහිකල දක්ෂ සටන්කරුවෙකු වන බ්‍රිගේඩියර් එරික් කුලකුලසුරිය සහොදරයා සම්පුර්ණයෙන්ම අංශභාගි තත්වයට පත්වුයේ, උතුරු සටන්බිම තුල එල්ලවුණ වෙඩි ප්‍රහාරයන්ගෙන්.හෙතෙම මේජර් ජෙනරාල් තනතුරින් පිදුම් ලැබීම එක් අතකට විශ්වය සදා දුන් මහගු , නිරාමිස පිංකමක් විදියට දැනෙනවා.

තම දෑස්, අතපය, පාදයන් ලක් පොළව රුකගැනීම උදෙසා පුජා කල, ඔවුන් වෙනුවෙන් මට නම් නිතැතින්ම කදුලක් නැගෙනවා.ඒ ඔවුන් කල ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් කවදාවත්ම මෙම මහරු තනතුරෙන් පුදනු ලැබීම මා අපෙක්ෂා නොකල කරුණක් වන බැවින්.මක් නිසාද යත් මෙම යථාර්ථය පෙන්වා දෙමින්, බොහෝමයක් ආබාධිත රණවිරුවන් කරන කොටගෙන, ඒ වෙනුවෙන් මා මෙන්ම පොදුවේ ආර්ය පදනමද හිටපු හමුදාපතිවරු ගණනක් සමග මතවාදිමය ගැටුණ බැවින්.

මේ, රටක් වෙනුවෙන්,රටක් වෙනස් කරනට තම ජීවිතයම පරිත්‍යාග කොට, සසර ගණුදෙනු නිමකිරීමට අවසන් මොහොතේ ජිවිතය මරණයෙන් ගැලවුන අප්‍රමාණ මිනිසුන් සමුහයක පිලිබද හද කකියන කථාවකි.
තමනට බිම් අගලක් වෙනුවෙන් නොව, යහපත් බිමක ජීවත් විමට වෙර දරණ මිනිසුන් සමුහයකගෙ ගැඹුරු අරමුණු සහ අපෙක්ෂාවන් උදෙසා තම ජීවිතයම උගසට තැබු නොමිනිස් කම් පිරි රටක, “රණවිරුවන්” යැයි කියන මිනිසුන් සමුහයකගෙ හද කකියන කථාවකි.

මොවුන් පමනක් නොවේ මෙම තනතුරුවලින් පුදනු ලැබීමට සුදුසු අප දන්නා ඓතිහාසික නාම ලේඛනය මුලට නම් තැබු මහා විරුවන් රුසක් අවසන, තනතුරු මොකුත් නොලබා හිස් අතින් ගෙදර බලා ගිය අවස්ථා හරි නැතිනම් “අභිමංසල “බලා ගිය මහා සංවේගදායි කතා පුවත් එමටය.සුලභය.
ඒවා ලෙයින්, කදුලින් ලියැවී මේ බිමේ සටහන් ව සිල්ලරට අලෙවි වු, හුදු වීර කතාවක් පමණක් වන්නේය.

යුධ හමුදාපතිතුමණී….
ඔබතුමා
කශෙරුකාව සහිතව අරගත් මෙම උතුම් සහ ඓතිහාසික තිරණය වෙනුවෙන් ජාතියක උත්තමාචාරය හිමිවේවා….
එය සදාකල් හිමිවනු ඇති.

සෘජු තීරණයකට නොබියව එක් වුන හමුදාපතිතුමා ප්‍රමුඛ යුද හමුදා මාණඩලික ප්‍රධානී , නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන්ලාට ජාතියක මහත් ගෞරවය ,ගෞරවයෙන්ම හිමිවනු ඇති. එමෙන්ම මෙයට මැදිහත්වුන ආරක්ෂක ලේකම්වරයා මෙන්ම මෙම උතුම් කර්තව්‍ය වෙනුවෙන් වචනයකින් හරි සහය දුන් සැමට පිං අත් වේවා….

රටක් වෙනුවෙන් දිවැස් හෙළනු ලැබු
අප්‍රමාණ වීරයන් සමුහයක්
සැනසිල්ලේ සුසුමක් හෙලනු ඇති.
මව්බිමට ණයක් නෙමැති ඔවුන් මෙලෙස වන්දනීයත්වයෙන් ඇගයීම
වෙනුවෙන්…..

ඔබ සැමට නැවතත්
ජාතියක උත්තමාචාරය
හිමිවේවා…..

@ චරිත් කිරිඇල්ල

Local Gossip