තම සේවාදායකයා පහරදිමක් සිදුනොකළ බවත් ‘එන්න අපි කතා කරමු”යැයි පවසා අතින් ඇදීමක් පමණක් සිදුවූ බව ජනප්‍රිය සිනමා රංගන ශිල්පී හේමාල් රණසිංහගේ නිතීඥ ඉන්දික වේරගොඩ (03) ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කරුණු ඉදිරිපත් කළා.
ඒ, රංගන ශිල්පී හේමාල් රණසිංහ සම්බන්ධ සිද්ධිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.
මෙම සිද්ධියට අදාලව වැල්ලවත්ත පොලිසිය (03) පෙරවරුවේ රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙහි පැමිණිලිකරු වූයේ, වෙළෙඳ දැන්වීම් නිර්මාණ ශිල්පි හා සිනමා විචාරක ලක්මිණ රණසිංහයි.
හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී පසුගිය ජනවාරි මස 8 වන දින හේමාල් රණසිංහ විසින් පහරදීමක් සිදු කළැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ලබාගෙන එම සිදුවීම සම්බන්ධව විමර්ශන අවසන් කර ඇතැයි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් වැල්ලවත්ත පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට (3) දැන්වූවා.
එහිදී සැකකාර හේමාල් රණසිංහ වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදරිපත් කරමින් නීතිඥ ඉන්දික වේරගොඩ අධිකරණය හමුවේ පවසා සිටියේ පැමිණිලිකරු සිනමා නිර්මාණ පිළිබඳ විචාර හා විවේචන සමාජ මාධ්‍ය හරහා සිදු කරනා අයෙක් බවත් තමන්ගේ සේවා දායකයා ජනප්‍රිය නළුවෙක් බවත්ය.
මොවුන් දෙදෙනාම සිනමා ක්ෂේත්‍රයේ එකට වැඩ කර තිබෙන දෙදෙනෙක් බවත් අවස්ථා කිහිපයකදීම පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන ලද විචාර හා විවේචන තම සේවාදායකයා අවතක්සේරුවට ලක්වන හා අපහසුතාවයට පත්වන ආකාරයෙන් සිදුකළ හෙයින් මෙවැනි දේවල් ලිවීමෙන් වළකින ලෙසත් තම සේවාදායකයා ඉල්ලීමක් කර තිබූ බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
මෙවන් පසුබිමකදී හැව්ලොක් සිනමා ශාලාවේ පසුගිය 8 වනදින පැවැති චිත්‍රපට මුහුරත් උළෙලකදී මොවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේදී පැමිණිලිකරු අමතා තම සේවාදායකයා “ලක්මිණ එන්න අපි කතා කරමු” කියා අතින් ඇදීමක් සිදු කළ බවත් එහිදී කිසිදු පහරදීමක් සිදු නොවූ බවත් හේමාල් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.
තවද මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් තම සේවාදායකයා නොදන්නා බවත් මාතර පොලිසිය මගින් තම සේවාදායකයාගේ මවගේ නිවසට සිදු කරන ලද දැනුම් දීමකට අනුව පොලිසියට පැමිණ බවත් මේ සම්බන්ධයෙන් සමථයක් ඇතිකර ගැනීමේ හැකියාව තිබෙන අතර සුදුසු ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී පැමිණිලිකරු වන ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ පවසා සිටියේ පැමිණිලිකරු වන තම සේවාදායකයා සිනමා විචාරකයෙක්, ලේඛකයෙක් බවත් සැකකරු විසින් පැමිණිලිකරුට මින් පෙරද මෙවැනිම වූ පහර දීමක් සිදුකර ඇති බවත් යන්නය.
එසේම ‘මරියා’ චිත්‍රපට විචාරයේදී සැකකරු සම්බන්ධයෙන් නොලියූ නිසා සැකකරු විසින් පසුගිය 8 වන දින පැමිණිලිකරුගේ ඔළුවට හා බෙල්ලට සිය බිරිඳ සහ දරුවා ඉදිරියේදී පහරදීම සිදුකළ බවත් ඊට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් බවත් නීතිවරයා සඳහන් කළා.
මෙම ක්‍රියාව තමන්ගේ අතට නීතිය අරගෙන කටයුතු කිරීමක් බවත් සැකකරු මේ ආකාරයට ක්‍රියා කරන පළමු අවස්ථාව මෙය නොවන බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර ජනප්‍රිය නළු හේමාල් රණසිංහට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කරමින් නඩුව ලබන මැයි මස 14 වැනිදා තෙක් කල් තැබුණා.








