Home දේශිය පුවත් “ආදරණීය පැංචි ඔබ මෙලොවට අරුණෝදයක් වුණා… ඔබේ ආලය, ඔබේ මතකය අපි සමඟයි…”...

“ආදරණීය පැංචි ඔබ මෙලොවට අරුණෝදයක් වුණා… ඔබේ ආලය, ඔබේ මතකය අපි සමඟයි…” – ප්‍රේමයේ නාමයෙන් දිවි පිදූ පැංචිගේ කතාව…

0
90

 

ජීවිතේ හීන මඟ දාලා යන්න නම්…. ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද?

සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ?

රජරට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා උපාධිය සම්පූර්ණ කර සිටි විශ්ව විද්‍යාල සිසුවියක් වියානා ඇළට වැටී ගසාගෙන ගොස් මරණයට පත් වූ අවාසනාවන්ත සිදුවීමක් පසුගිය දිනෙක වාර්තා වුණා.

හම්බන්තොට, වැලිගල්ල, ගම්මාන 10 හි පදිංචි වසර 26 හැවිරිදි දඩල්ලගේ රශ්මි ලක්ෂිකා මෙන්ඩිස් නම් තරුණිය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ තම පෙම්වතා වියානා ඇළට වැටී සිටියදී ඔහු බේරා ගැනීමට උත්සාහ කිරීමේදී.

විශ්ව විද්‍යාලයේ සිට මහියංගනය හරහා හම්බන්තොටට පැමිණෙමින් සිටියදී වියානා ඇළ නැරඹීමට ගිය අවස්ථාවේ ඇගේ පෙම්වතා ඇළට වැටී ඇති අතර, ඔහු බේරා ගැනීමට ගිය රශ්මි ද ඇළට වැටී ගසාගෙන ගොස් මියගොස් තිබුණා.

පසුව රශ්මිගේ සිරුර සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි ඔරු බැදිව දියඹනා වැවේ තිබී සොයාගත්තා.

රශ්මි රජරට විශ්ව විද්‍යාලයේ සිව් වසරක අධ්‍යාපනය නිමා කර සිට ඇති අතර, පුස්තකාල පොත් බාර දීම සහ අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීම සඳහා විශ්ව විද්‍යාලයට ගොස් තිබේ.

ඇය ජූලි 29 වැනි දින පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදානෝත්සවය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නා.

“මම ගොවිතැන් කරන්නේ දුවට හොඳම දේ වන අධ්‍යාපනය ලබා දෙන්නයි. මගේ දුව ඉගෙන ගන්න දක්ෂයි. අපි හීනෙන් වත් සිතුවේ නැති දෙයක් මේ සිද්ධ වුණේ. උපාධිය ගන්න කැම්පස් එකට අපි සියලුම දෙනා යන්න හිටියේ. අම්මට, මට, සහෝදරයින්ට අලුත් ඇඳුම් ගෙනාවා. අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන සිටියා,” ඇගේ පියා හැඬු කදුළින් පවසනවා.

පාසල් සමයේ ඉතා දක්ෂ සිසුවියක වූ ඇයට “පැංචි” යන ආදර නාමයෙන් පාසලේ මිතුරියන් ආමන්ත්‍රණය කළ අතර, ඇය කාගේත් හිත දිනාගත් මිත්‍රශීලී තරුණියක් බව ගම්වැසියන් පවසනවා.

“දුව එදා නිවසින් ගියේ ආයෙත් අපිත් එක්ක යන්න. මම බත් මුලක් හදලා දුන්නා. හයිවේ බස් එකේ දුව ගියා. දුව යන දවසේ මගේ හිතට අනේ මොකුත් අමුත්තක් දැනුනේ නැහැ.මට නම් මේක හිතාගන්න බැහැ හීනයක් වගේ. අපේ මිනිය කරගහන්න හිටිය දරුව අද නැතිවුණා. අද ගමම කම්පා වෙනවා,” යැයි රශ්මිගේ මවද හැඬු කඳුළින් පවසනවා.

මේ ඇය වෙනුවෙන් මුහුණු පොතේ හුවමාරු වෙන සටහනක්…

Previous articleරටක් ආදරේ කරන තාරුකාගේ ආදරණීය පුතුට එදා නම් සුවිශේෂී දවසක්..!
Next articleආදරේ කරන රයිනි රංගනයට එයිද ? කාලෙකට පස්සේ කරළියට ආ රයිනි ගැන ආදරණීය රහසක් මෙන්න..!
error: Content is protected !!
Verified by MonsterInsights