දේශිය පුවත්

සිරිමාවෝ බාලිකාවේ අර්බුදය ගැන ආදි ශිෂ්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක්..

මේ සිදුවීම ගැන තවමත් සමාජමාධ්‍ය ඇතුළේ බොහෝ දෙනා කතා කරනවා.

ඒ අතරතුර මේ ඇසෙන්නේ ඒ ගැන තවත් වෙනස්ම කතාවක්. 

විවිධ පිරිස් මේ ගැන කතා කරන පසුබිමක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය පැවසුවේ මෙන්න මේ වගේ කතාවක්.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා (19) පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩා සම්මානයක් අහිමි වීම සම්බන්ධයෙන් සිසුවියක් කළ ප්‍රකාශයට අදාල සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියට සම්බන්ධ පිහිනුම් ක්‍රීඩිකාව සහ ස්කොෂ් (Squash) ක්‍රීඩිකාව යන දෙදෙනාම පාසලට ගෞරවයක් ගෙන දුන් දක්ෂ සිසුවියන් බවයි.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, ඒ සඳහා සුදුසුකම් ලත් ක්‍රීඩා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කර සාධාරණ, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

වර්ණ ප්‍රදානෝත්සවය අවසානයේ අදාළ සිසුවිය ප්‍රසිද්ධ නිවේදනයක් කරමින් කියා සිටියේ, තමන් ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලබා තිබියදීත්, පෙර පුහුණුවීම්වලට (Rehearsals) සහභාගී නොවීම යන හේතුව මත තමන්ට හිමි විය යුතු සම්මානය අසාධාරණ ලෙස අහිමි කර ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Verified by MonsterInsights