මීටර් 100 කෙටි දුර ධාවන ශූරියක් අත්අඩංගුවට… පෙම්වතාව ඇය කළ දේ ඇසුවොත් සත්තයි ඔබ පුදුම වේවි..
කෙටිදුර ධාවක ශූරියක් වන ෂා’කැරි රිචඩ්සන්, පසුගිය සතියේදී වොෂිංටන්හි සීටල්-ටකෝමා ජාත්‍යන්තර තම පෙම්වතාට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) වෙත ලැබී ඇති පොලිස් වාර්තාවට අනුව, රිචඩ්සන්ට ඉරිදා දින සිව්වන මට්ටමේ ගෘහස්ථ හිංසනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, මෙම ආරවුල ගුවන් තොටුපළේදී සිදුවූවක්.
රිචඩ්සන් එදින ඔරිගන්හි ඉයුජින් නගරයේ පැවැත්වෙන ඇමරිකානු ජවන හා පිටිය ශූරතාවලිය සඳහා ගුවන් යානයකට නැගීමට නියමිතව සිටි තිබෙනවා.
එහිදී පොලිසිය විදෙස් මාධ්‍යට සඳහන් කර තිබෙන්නේ, ඇයගේ පෙම්වතා වන කෙටි දුර ශූර ක්‍රිස්ටියන් කෝල්මන් සමඟ ගැටුමක් ඇතිවී ඇති බවයි.
කෝල්මන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයට සහභාගී වීමට අකමැති බවත් තමන් ගොදුරෙකු නොවන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
USA Track and Field (USATF) ආයතනය සඳහන් කළේ, ඔවුන්ගේ සිදුවීම් පිළිබඳ දැනුවත් අතර වැඩිදුර අදහස් ප්‍රකාශ නොකරන බවයි.
රීචඩ්සන් බුඩාපෙස්ට් 2023 ලෝක ශූරතාවලියේදී මීටර් 100 ඉසව්ව ජයගත් අතර, පැරිස් ඔලිම්පික් 4×100 සහය දිවීමේ කණ්ඩායම සමඟින් රන් පදක්කමක් ද දිනාගෙන තිබුණා.
ඇය මේ වන විටත් ඉයුජින්හි පැවැත්වෙන ජාතික ශූරතාවලියේ මීටර් 200 ඉසව්වට සහභාගී වීමට නියමිතයි.
කෝල්මන්ද මීටර් 100 ජාතික ඉසව්වට සහභාගී වී අවසන් තරඟයේදී පස්වන ස්ථානයට පත්ව සිටිනවා.
මෙම සිදුවීම, ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ව්‍යාප්ත වන පුද්ගලික ආරවුල් සහ ඒවායේ ප්‍රතිවිපාක පිළිබඳව නව අවධානයක් යොමු කරමින් තිබෙනවා.