Home සයුරෙන් එහා පුවත් ඇයට මේ සීමාව වැටුණේ ඔවුන් දෙදෙනා අතර ඇති ප්‍රශ්න නිසාද..? 14 හැවිරිදි...

ඇයට මේ සීමාව වැටුණේ ඔවුන් දෙදෙනා අතර ඇති ප්‍රශ්න නිසාද..? 14 හැවිරිදි ආරධ්‍යා බච්චන් ගැන ඇසෙන ඒ කතාව මෙන්න..

0
105

බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායිගේ එකම දියණිය වන ආරාධ්‍යා බච්චන් පිළිබඳව නවතම පුවතක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, වයස අවුරුදු 14ක් වන ආරධ්‍යාට තවමත් තමන්ගේම කියා ජංගම දුරකථනයක් නොමැති බව ඇයගේ පියා වන අභිෂේක් බච්චන් විසින් අනාවරණය කිරීමත් සමගයි.

පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී අභිෂේක් බච්චන් ප්‍රකාශ කළේ, තම දියණිය තාක්ෂණයෙන් ඈත් කර තැබීමට ඔවුන් ගත් තීරණය පිළිබඳවයි.

ආරධ්‍යාගේ මිතුරන්ට ඇය හා කතා කිරීමට අවශ්‍ය වූ විට, ඔවුන් ඇමතිය යුත්තේ ඇයගේ මව වන ඓශ්වර්යා රායිගේ දුරකතනයටලු.

කොහොම වුණත් ඇයට අන්තර්ජාලය භාවිතා කිරීමට අවසර ඇති නමුත්, ඇය එය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ඇයගේ පාසල් වැඩකටයුතු සහ පර්යේෂණ සඳහා පමණක් බව අභිෂේක් පවසනවා.

මෑතකදී අභිෂේක් සහ ඓශ්වර්යා අතර දික්කසාද කටයුතු සිදුවන බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාර පිළිබඳව ආරධ්‍යා නොදන්නා බවත්, ඇය එවැනි ඕපාදූප පිළිබඳව උනන්දුවක් නොදක්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

දියණියව මෙතරම් විනයගරුකව සහ බිම් මට්ටමේ සරල දරුවෙකු ලෙස ඇති දැඩි කිරීමේ සම්පූර්ණ ගෞරවය ඓශ්වර්යා රායිට හිමිවිය යුතු බව අභිෂේක් මෙහිදී කියා තිබුණා.

“ඇය ඉතා පරිණත දැරියක්. ඇගේ මව ඇයව ඉතා හොඳින් හදා වඩා ගෙන තිබෙනවා. අන්තර්ජාලයේ කියවන සෑම දෙයක්ම විශ්වාස නොකළ යුතු බව බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායිගේ එකම දියණිය වන ආරාධ්‍යා බච්චන් පිළිබඳව නවතම පුවතක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. ඒ, වයස අවුරුදු 14ක් වන ආරධ්‍යාට තවමත් තමන්ගේම කියා ජංගම දුරකථනයක් නොමැති බව ඇයගේ පියා වන අභිෂේක් බච්චන් විසින් අනාවරණය කිරීමත් සමගයි.

පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී අභිෂේක් බච්චන් ප්‍රකාශ කළේ, තම දියණිය තාක්ෂණයෙන් ඈත් කර තැබීමට ඔවුන් ගත් තීරණය පිළිබඳවයි.

Previous article‘එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා පියුමි හංසමාලී කියන සංවේදී සටහන මෙන්න..
Next articleදියවැඩියාව සුලුවෙන් තැකීම Heart Attack ඇති වෙන්න හේතුවක් කියලා මීට කලින් දැනගෙන හිටියද ?
error: Content is protected !!
Verified by MonsterInsights