Home Uncategorized බිත්තියේ ඇති පැල්ලම් ලේසියෙන්ම යවන ක්‍රම ගැන මීට කලින් දැනගෙන හිටියාද ?...

බිත්තියේ ඇති පැල්ලම් ලේසියෙන්ම යවන ක්‍රම ගැන මීට කලින් දැනගෙන හිටියාද ? දන්නැත්තම් ඔන්න දැනගන්න.

0
61

පොඩ්ඩො ඉන්න ගෙවල්වල ගෘහණියන්ට තියෙන ලොකු ගැටළුවක් විදියට බිත්තිවල පැල්ලම් දක්වන්න පුළුවන්. පොඩි අය කුරුටු බලි ගානවා, නොයෙක් නොයෙක් පැල්ලම් බිත්ති මත ඇති කරනවා…

නිතරම තීන්ත ආලේප කරන එක මේ දේට විසඳුමක් නෙවෙයි.

ඉතින් කොහොමද මේ පැල්ලම් මකන්නේ.

අද කතා කරන්න හදන්නේ ඒ ගැනයි…

මේ පුංචි ක්‍රම ටික නෞගමනය කරලා බලන්නකෝ…

සබන් කුඩු යෙදීම.

මද උණුසුම් ජලයට විනාකිරි ස්වල්පයක් හා සබන් කුඩු ස්වල්පයක් එක් කර බිත්තියේ පැල්ලම් ඇති ස්ථාන වල බ්‍රෂ් එකකින් ආලේප කර සෙමින් අතුල්ලා සෝදා හරින්න. මේ ක්‍රමය පැල්ලම් මකන්න ලේසිම ක්‍රමයක් .

දන්තාලේප භාවිතය.

මෙය කුඩා පැල්ලම් ඉවත් කිරීමට පහසුම ක්‍රමයයි. බිත්ති මත ඇති කුඩා පැල්ලම්වල සුදු පැහැ දන්තාලේපනයක් ආලේප කර ටික වෙලාවක් තබා ගොරෝසු රෙදි කැබැල්ලක් පැල්ලම් මත අතුල්ලන්න. ඉන්පසු තෙමා ගත් ස්පොන්ච් එකකින් දන්තාලේප ඉවත් කරන්න.

වැලි කඩදාසි භාවිතය.

කාලයක් තිස්සේ ඇති පැල්ලම් අතට අසු වෙන තරම් ඝනව වර්ධනය වී තිබෙනවා. මේ පැල්ලම් ඝන කඩදාසියකින් සීරුවට ඉවත් කර ඉන්පසු ඉතිරි පැල්ලම් දන්තාලේපනයකින් මකා ඉවත් කරන්න.

බේකින් සෝඩා භාවිතය.

උණු වතුරට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණය පැල්ලම ඇති ස්ථානයේ ආලේප කර ඝන රෙදි කැබැල්ලකින් පිස දමන්න.

Previous articleකාගේත් නෙත් වසඟ කරන සරාගී ඇයට එදා විශේෂ දවසක්ලු.. ඒ දවස මොකද්ද ?
Next articleරෝගියෙකු බලන්න නුදුන්නැයි මළපැනලා… රංගන ශිල්පියා රෝහලේ ඩෙඟා නටලා.. මේ කියන්නේ කවුරු ගැනද ?
error: Content is protected !!
Verified by MonsterInsights