කෑමට ලුණු රස ටිකක් වැඩිපුර එකතු වුණාම හරිම රසයි නේද? ඒත් පරිස්සම් වෙන්න. මේ “රස” පිටුපස ලොකු අනතුරක් හැංගිලා තියෙනවා.
අධික ලුණු (සෝඩියම්) පරිභෝජනය කියන්නේ බොහෝ දෙනෙක් හිතනවාට වඩා භයානක දෙයක්. ඇයි දන්නවාද?
⚠️ මේක “නිහඬ මාරයෙක්” (Silent Killer)! බරපතල සෞඛ්‍ය ගැටළුවක් මතු වන තෙක්ම අධික ලුණු භාවිතය නිසා කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නෑ. ඔබ නොදැනුවත්වම ඇතුළාන්තයෙන් ඔබේ සිරුර විනාශ වෙනවා.
ලුණු වැඩි වුණාම වෙන්නේ මොකක්ද? 📉 ඔබ වැඩියෙන් කන ලුණු ටික නිහඬවම ඔබේ රුධිර පීඩනය (Blood Pressure) ඉහළ දමනවා. කාලයත් එක්ක මේ ඇතිවන පීඩනය නිසා:
❤️ ඔබේ හදවතට අනවශ්‍ය බරක් පැටවෙනවා.
🧠 ධමනි (ලේ නහර) දැඩි වී, ආඝාතය (Stroke) අවදානම වැඩි කරනවා.
🩺 වකුගඩු වලට දැඩි ආතතියක් ඇති කර, වකුගඩු අක්‍රිය වීමට පාර කපනවා.
සැඟවුණු සතුරා: සැකසූ ආහාර 🍔🌭 අපි ගෙදර උයනකොට දාන ලුණු ටික ගැන විතරක් හිතලා මදි. සොසේජස්, මීට් බෝල්ස්, පැකට් කළ ස්නැක්ස්, සෝස් වර්ග සහ ක්ෂණික ආහාර වල ලුණු (සෝඩියම්) විශාල වශයෙන් “හැංගිලා” තියෙනවා. අපි වැඩියෙන්ම ලෙඩ වෙන්නේ මේවා නිසයි.
✅ කරන්න තියෙන්නේ පොඩි වෙනසයි!
ආහාර පිසීමේදී ලුණු භාවිතය සුළු වශයෙන් හෝ අඩු කරන්න. ඒ පොඩි වෙනසත් ඔබේ හදවතට සහ වකුගඩු වලට ලොකු සහනයක්.
පැකට් කළ සහ සැකසූ ආහාර (Processed foods) පුළුවන් තරම් සීමා කරන්න.
හොඳින් ජලය පානය කරන්න.
රසට කන ගමන් සෞඛ්‍යය ගැනත් හිතන්න. සංකූලතා එන්න කලින්ම පරිස්සම් වෙමු.
මේ වැදගත් පණිවිඩය ඔබේ ආදරණීයයන්ගේ දැනුවත් වීම සඳහා Share කරන්න. 🔄









