නිළි රැජිනව වැඩිම වාරයක් ඡායාරූපගත කළ, බොහෝ දෙනකුට අමතකව ගිය ඡායාරූප ශිල්පියා..
නිළි රැජින මාලනියට සුවිශේෂී දිනයක් පැමිණහොත් අනිවාර්යයෙන්ම ඔහුට දුරකථන ඇමතුමක් එයි.
“මගේ අහවල් උත්සවය තියෙනවා.ඔයා අනිවාර්යෙන්ම එන්න ඕනේ ෆොටෝස් ගන්න. මම වෙන කාටවත් කියන්නේ නැහැ”
නිළි රැජින දින වකවානු වේලාවන් පවසමින් එලෙස ඔහු අමතයි.
මාලනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු ලෙස දිවුරු දුන් අවස්ථාවේද, ආචාර්ය උපාධිය ලැබුණු අවස්ථාවේද, උත්පලවන්නා සිනමාපටය වෙනුවෙන් හිස මුඩු කළ අවස්ථාවේදීද කතා කළේ ඔහුටය. ඒ අපූරු ඡායාරූප ශිල්පියා නමින් ටෙනිසන් එදිරිසිංහයි. නිළි රැජනගේ ආලේඛ්‍ය ඡායාරූප වැඩිම සංඛ්‍යාවක් ගත්තේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ කලාකරුවාය. එතනින් පරිබාහිරව මාලනියගේ විශේෂ අවස්ථාවන් සඳහා නිතැතින්ම ඇමතුවේ ටෙනීටය. ඒ ඔහුගේ විශ්වාසනීයත්වය නිසාය. සරසවිය පුවත්පතේ ඉතා දිගු කාලයක් සේවය කළ ටෙනිසන් එදිරිසිංහ මාලනියගේ පමණක් නොව සිංහල සිනමාවේ දැවැන්ත තරු රැසකගේ ඡායාරූපයන් සරසවිය මුල් පිටුවට ගෙන ආයෙකි. එමෙන්ම ආධුනික ප්‍රවීණ බේදයකින් තොරව ඡායාරූප ගත් ඔහුගෙන් මුල්ම ඡායාරූපය ලබා ගත් බොහෝ පිරිසක් අද වන විට ප්‍රවීණත්වයට පත්ව තිබේ. සංඛ්‍යාත්මක ගත් කළ මෙරට වැඩිම කලාකරුවන්ගේ ඡායාරූප ඇත්තේද ඔහු සතුවය. එහෙත් මේ අපූරු ඡායාරූප ශිල්පියා අද වන විට ගෙවන්නේ හුදෙකලා දිවියකි. ඉඳ හිට තමන් උදව් කළ කලාකරුවන් අතලොස්සක් ඇමතුවත් බහුතරයකට ඔහුව අමතක වී තිබේ. ඔහුගේ ඡායාරූපයන් පුවත්පත්වල පළ වූවද ඔහුගේ නාමය සඳහන් වන්නේද දැන් කලාතුරකිනි.
මාලනියගේ වියෝවත් සමග රට පුරා තිබුණු බැනර් බොහොමයක තිබූ ඡායාරූප ඔහුගේය. පුවත්පත් රැසක පළ වූ ඡායාරූපද ඔහුගේය. එහෙත් ඒවා පිළිබඳ දන්නේ ඔහු පමණි.
“ටෙනීගෙන් ඡායාරූපයක් ගත්තොත් ජනප්‍රිය වෙනවා”
එහෙම මතයක් එකල විය. එහෙයින් බොහෝ දෙනා පළමු ඡායාරූපය ඔහුගේ ලබා ගැනීමට දෙවතාවක් හිතුවේ නැත. එයට බොහෝ දෙනෙකු අද සාක්ෂි සපයති. ක්ෂේත්‍රයේ කෙනෙක් කතා කළොත් ඔහු අමතන්නේ ඉතා සතුටිනි. එවන් වූ ඇමතුම් විරල බැවිනි.
+94 76 246 7274
මේ ටෙනිසන් එදිරිසිංහගේ දුරකථන අංකයයි.
(ප්‍රසාද් සමරතුංග මහතාගේ සටහනකි.)
Copied
