“ජපානයේ පෙළ පොත් වලට ගියපු අපේ කරුණානන්ද මහත්තයා….!!”
1964 ටෝකියෝ හි පැවති ඔලිම්පික් උළෙලේ 10,000m ධාවන තරගය සඳහා ලංකාව නියෝජනය කලේ “කරුණානන්ද රණතුංග” මහතායි…
1936 වසරේ මැයි මස 21 වනදා ඇම්පිටිය ප්‍රදේශයේ උපත ලබන රණතුංග කෝරලගේ ජයසේකර කරුණානන්ද….. කුඩා කල සිටිම ක්‍රිඩාවට ප්‍රිය කල අයෙක්.. වැඩිමහල් වියට පත් වෙනවත් සමග ඔහු ශ්‍රි ලංකා හමුදාවට සම්බන්ධ වනවා.. හමුදාවට බැදුණු පසු ඔහු දිගු දුර ධාවනයට ද එක් එක වනවා…
1964 වසරේ ජපානයේ පැවති ඔලිම්පික් තරඟයට සහභාගි වන්නට කරූට වරම් ලැබුණා..
ඒ මීටර් දහදාහ ධාවන තරගය ට.. එම තරඟයට බලවත් රටවල් කිහිපයකින්ම දක්ෂ තරඟකරුවන් පැමිණ සිටියා…
ඔන්න තරඟ පටන් ගන්නවත් එකම සියලු තරගකරුවෝ එක පොකුරට දුවනවා.. ටික වෙලාවට පසු ටිකෙන් ටික කරට කර සිටි තරඟකරුවන් ඈත් වෙන්න ගන්නවා..
වට 10 කුත් අවසන් අපේ කරුණානන්ද අන්තිමයා…. ඔන්න කරූ 20 වන වටය පටන් ගන්නවා ත් එක්කම ඇමරිකාවේ බීලි මිල්ස් තරඟය ජයග්‍රහණය ලබාගන්නවා.. දෙවන සහ තුන්වන ස්ථානත් තෝරගන්නවා..
ඒත් කරුණානන්ද මහත්තයා තවම තරගයේ ඔහුට තරගය අවසන් කිරිමට ඇත්තේ තවත් වට 4 ක් පමණයි.. මේ වෙද්දි අනෙකුත් තරගකරුවන් තරඟය අතහැරලා…
නමුත් අපේ කරුණානන්ද පමණක් උපරිම ජවයෙන් දුවනවා.. තරඟය අවසන් කිරිමට ඇති අවසාන වට හතරෙන් පලමු වටය අරම්භ වෙනවාත් සමඟ පැමිණි සිට ප්‍රේක්ෂකාගාරයෙන් කරූට උසුළු විසුළු ..
දෙවනි වටයේ හැමෝම නිහඩයි.පොඩි අත්පුඩිකුත් ඇහෙනවා..
තුන්වන වටය අරම්භ වෙනවාත් එක්ක 60000 කට අධික ප්‍රේක්ෂකාගාරයම කරූ වෙනුවෙන් නැගි සිටිනවා..
ඔන්න අවසන් වටය මුළු ප්‍රේක්ෂකාගාරයම අසුන් වලින් නැගීටිනවා.. සියලු දෙනාම කරූ වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නගනවා..
“කාමෝන් සීලෝන් කාමොන් සීලෝන්. කාමෝන් සිලෝන්”
තරඟය දැන් ඉවරයි…
අදටත් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයට හිමි ගෞවරවය අපේ කරුණානන්ද මහත්යාට….
මුළු ජපානයටම කරූ විශිෂ්ට ආදර්ශයක් වෙනවා.. ජපානයේ පාසල් පෙළ පොත් වලටත් කරුණානන්ද ගේ කතාව ඇතුලත් වෙනවා…….
නමුත් මම දන්න විදිහට ලංකාව කරුණානන්ද මහත්තයා වෙනුවෙන් කිසි දෙයක් කළේ නැහැ…
1974 වසරේ දි කරුණානන්ද මහතා අම්පාර ප්‍රදේශයේ දි මෙලොවින් සමුගන්නවා…!!
කරු මහත්යාගේ ජිවිතයෙන් ගන්න පුලුවන් ආදර්ශ බොහොමයි.. එ අතරින් ලොකුම ආදර්ශය තමයි
” අපි දෙයක් කරන්න ගත්තොත් ඒ දේ සාර්ථකවන්නට හෝ ආසාර්ථකවන්නට අවසානය තෙක් කල යුතුයි..”
කරුණානන්ද මහත්තයා මගේ ජිවිතය තුල මම අහපු වැඩ්ඩෙක් සහ වීරයෙක්….
_”විශිෂ්ට පරාජයන් තුල අති විශිෂ්ට ජයග්‍රහණයන් ඇත.._
There are great victories in great defeats…”
(සියලු තොරතුරු අන්තර්ජාලයෙනි..)
@highlight
#NHMDairy
