Home Uncategorized ඔබේ අත්ලේ වෙනස්කම් වලින් ලෙඩ රැසක් ගැන වේලාසනින්ම දැනගන්න පුලුවන් කියලා ඔයාලත්...

ඔබේ අත්ලේ වෙනස්කම් වලින් ලෙඩ රැසක් ගැන වේලාසනින්ම දැනගන්න පුලුවන් කියලා ඔයාලත් දැන සිටියාද ?

0
62

“ඔබේ අත්ලේ වෙනස්කම් වලින් ලෙඩ රැසක් ගැන වේලාසනින්ම දැනගන්න පුලුවන් කියලා ඔයාලත් දැන සිටියාද ? අත්ලේ වෙනස්කම් මගින් හෙලි වෙන ලෙඩ ගැන දැනගන්න”

කෙනකුගෙ අත්ල ඒ තැනැත්තාගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබාදෙන කැඩපතක් ලෙස හැඳින්විය හැකියි.

ශරීරයේ යම් තැනක ඇතිවන රෝගාබාධ හේතුවෙන් අත්ලේ විවිධ වෙනස්කම් ඇතිවිය හැකියි.

කලින්ම මේ අනතුරු ඇඟවීම් සලකුණු ගැන සැලකිලිමත් වීමෙන් දැඩි රෝගාබාධයකට ගොදුරු නොවී බේරීමේ අවස්ථාව උදාකර ගත හැකියි.

රතු පැහැති අත්ල
අත්ල රතු පැහැති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස අක්මාවේ මතුවන ගැටලු දැක්විය හැකියි. ඔබේ වයස අවුරුදු 50 ට වඩා වැඩිනම් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් අත්ලේ යට පෙදෙස රතුවීම මෙහි ලක්ෂණයයි. හෝර්මෝනවල අසමතුලිතාවක් ඇති වූ විටත් ලේ නහර පළල් වීමක් සිදු විය හැකියි. එවිටද අත්ලේ තද රතු පැහැය ඇතිවිය හැකියි. රූමැටික් ආතරයිටිස් (අඩඥභථචබධඪඤ චපබඩපඪබඪඵ) තත්ත්වය නිසාත් අත්ල රතුවිය හැකිය. මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරයකු හමුවීමයි සුදුසු. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමත් වැදගත් වෙනවා.

නිතර අත්ලට දහඩිය දැමීම
අත්ලට දහඩිය දැමීමට හේතුවන කරුණු 3 ක් තිබෙනවා. සමහරුන්ගේ ශරීරයට දහඩිය දමන ප්‍රමාණය කොහොමත් ඉතා වැඩියි. එවැනි අයගේ අත්ලට වැඩියෙන් දහඩිය දැමීම සාමාන්‍යයි. නමුත් සමහරුන්ගේ අත්ල දහඩියෙන් තෙත් වන්නේ මානසික ආතතිය ඇති වූ විටයි. ඔබේ මානසික ආතතිය අඩුකර ගැනීම සඳහා උපකාරී වන භාවනා ක්‍රම, යෝගා ව්‍යායාම ආදියේ නිරත වන්න. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන ගැටලුවක් නිසාත් මෙසේ විය හැකිය.

අතෙහි සංවේදීතාව ගිලිහී යාම
අපි හැමෝටම හිටපු ගමන් අත හිරි වැටෙන ස්වභාවයක් දැනිලා තියෙනවා. සිරුරේ කොහේ හෝ ස්ථානයක යම් හිරි වැටීමක් ඇතිවිම සාමාන්‍යයි. නමුත් ඔබේ අත නිතර නිතර හිරිවැටීම්වලට ලක්වෙනවා නම් එය ගැන අවධානය යොමු කළ යුතුයි. මෙසේ වන්නේ දිගු කාලයක් තිස්සේ සංවේදී නහරයක් තදවීමකට ලක්වීම නිසයි. මීට අමතරව මැණික් කටුවේ ඇති ආබාධයක්, දියවැඩියාව වැනි බරපතළ රෝගී තත්ත්වයක් නිසාත් මෙය සිදුවිය හැකියි. මේ නිසා හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.

උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

 

Previous articleපුංචි කරාබු නැටි දෙකකට අපේ ජීවිත වල ලොකු වෙනසක් කරන්න පුලුවන් කියලා දන්නවද ?
Next articleදියවැඩියාව සහ කොලෙස්ටරෝල් නසන හොඳම බෙහෙත. ගෙදරදීම කරලා බලන්න. ප්‍රථිපල නිසැකයි !
error: Content is protected !!
Verified by MonsterInsights