Home Uncategorized දන්නවද ඔබේ උපන් ලපයෙන් ඔබ ගැන බොහෝ දේ කියවෙනවා කියලා… ඉපැරැණි ග්‍රන්ථයකින්...

දන්නවද ඔබේ උපන් ලපයෙන් ඔබ ගැන බොහෝ දේ කියවෙනවා කියලා… ඉපැරැණි ග්‍රන්ථයකින් උපුටාගත් උපන් ලප ගැන කියවෙන අනාවැකි රැසක් මෙන්න

0
109

උපන් ලප වලින් කෙනෙකුගේ ජීවිතයේ විවිධ සුභ සහ අසුභ ලක්ෂණ ගැන කියවෙන ශාස්ත්‍රයක් තිබෙන බව ඔබ ආසා ඇති. ඔබ හැම දෙනාගේම ශරීරයේ උපන් ලප පිහිටා තිබෙනවා. මෙහි දැක්වෙන්නේ 1925 වර්ෂයේ පල කරන ලද ඉපැරණි ග්‍රන්ථයකින් උපුටා ගත් උපන් ලප වලින් කියවෙන ලක්ෂණයන් පිළිබදවයි.

මෙහි දක්වා තිබෙන්නේ පිරිමින්ගේ උපන් ලප වලින් කියවෙන ලක්ෂණයි.

කාන්තාවන්ගේ ලක්ෂණ ගැන දැන ගැනීමට නම්, පුරුෂයින්ගේ දකුණු පස ගැන කියවෙන කරුණු කාන්තාවන්ගේ වම් පස ගැනත්, පුරුෂයින්ගේ වම් පස ගැන කියවෙන කරුණු කාන්තාවනගේ දකුණු පස ගැනත් කියවෙන බව මතක තබා ගන්න.

උදු, මුන් ප්‍රමාණයේ උපන් ලප වලින් කියවෙන සුභ ලක්ෂණ

හිසේ වම සහ දකුණු පස – ප්‍රසිද්ධියට පත්වේ, කීර්තිය ලබයි

හක්කේ දකුණු පස – ජයග්‍රහණ ලැබේ, හොද මිතුරන් හිමිවේ.

හක්කේ වම් පස – දියුණුව, අභිවෘදිය, සැපය ලැබේ.

දකුණු කන – ප්‍රීතියෙන් ජීවිතය ගත කරයි, අන් අයට ගුණ ගරුකව කටයුතු කරයි. සෙනෙහෙවන්ත දරුවන් ලැබේ.

උඩු තොල දකුණු පස කපොලේ – ඉතාමත් ධනවත් වේ. තමන් යන යන තැන සියළු වැඩ සාර්ථක වේ.

දකුණු උරහිසේ – ඉතාමත් කීර්තියට පත්වේ.

වම් උරහිසේ – ධන ලාභ ලැබේ.

දකුණු පියයුරේ – ධන ලාභ ලැබේ.

වම් පියයුරේ – හොද මිතුරන් ලැබේ.

දකුණු වෘෂණ කෝෂයේ – ධාන හානි සිදුවේ.

වම් වෘෂණ කෝෂයේ – ජයග්‍රහණ සිදුවේ.

දකුණු කලවයේ – බොහෝ ස්ත්‍රී ලාභ ලැබේ.

උදු, මුන් ප්‍රමාණයේ උපන් ලප වලින් කියවෙන අසුභ ලක්ෂණ

නළලේ දකුණු පස – සැම විටම සිතේ දුක, නිතරම රෝග

දකුණු ඇහි බැමේ – කාන්තාවන් සමග ගැටුම් ඇතිවේ.

දකුණු ඇසේ – විපත් වලට ගොදුරවේ

නාසයේ දකුණුපස – බොහෝ දුකින් ජීවත් වීමට සිදුවේ

යටිතොලේ දකුණුපස – දුකින් තැවෙමින් ජීවත් වීමට සිදුවේ.

බෙල්ලේ දකුණුපස – නිතර රණ්ඩු වලට පැටලේ

දකුණු අතේ වැලමිටෙන් උඩ – දුක හිමිවේ

දකුණු අතේ වැලමිටෙන් පහළ – ධනය හානි වේ

දකුණු කිසිල්ලේ – දුක ශෝකය නිතරම හිමවේ.

තල ඇට ප්‍රමාණයේ ලප වලින් කියෙවන සුභ ලක්ෂණ

හිසේ වම් පස – බොහෝ ධන ලාභ

නළලේ වම් පස – රාජ්‍ය, මැති ඇමති වරුන්ගේ කරුණාව

බෙල්ලේ වම් පස – සෑම දෙයකින්ම ජයග්‍රහණය ලැබේ.

වම් අතේ වැලමිටෙන් පහල – බොහෝ දරුවන් ලැබේ.

වම් අත්ලේ – හොද මිතුරන් හිමිවේ.

පිටේ වම් පස – යාන වාහන හිමිවේ.

Previous articleබලන්න ඔයාගේ මුහුණෙත් මේ ලක්ෂණ තියෙයිද කියලා ? ඔබේ රූ සපුව ගැන කියවෙන අපූරු රහසක් මෙන්න
Next articleකවදාවත් වාහන ඇතුලේ ප්ලාස්ටික් බෝතල් වලින් වතුර බොන්න එපා… ඇයි කියලා දැනගන්න මේ ලිපිය කියවන්න.
error: Content is protected !!
Verified by MonsterInsights