මීට පොඩ් වෙලාවකට කලින් උදයන්ති සහභාගී වෙච්ච් ස්වර්ණවාහිනී යේ වැඩසටහනක පොඩ් වීඩ්යෝ කැල්ලක් දැක්කා.වැඩසටහන මෙහෙයවන්නේ සංගීත් සහ දිනිති.එකේදි උදයන්ති එයාගේ හස්බන්ඩ් ගැන එයා යාළුවෝ වෙනුවෙන් කරන සමහර දේවල් ගැන හරිම ආසාවෙන් හිනාවෙව් ආදරණීය විදියට කතා කරා.හස්බන්ඩ්ගේ යාළුවන්ට ප්‍රශ්න ආවම එයා එවා විසඳන විදිය ගැන තමයි උදයන්ති කතා කරේ.ඇය උදාහරණයක් විදියට ගත්තේ දික්කසාදය එයාගේ හස්බන්ඩ් ගේ යාළුවෝ ඩිවොස් වෙන තැනට එනකල් ඇවිත් එයා කොහොම හරි එවා සෙට්ල් කරලා දෙන විදිය ගැන. උදයන්ති එතනදි කියනවා.හස්බන්ඩ් කියනවලු කොහොම හරි ඕක අල්ලන් ඉදපන් මචන්.අතාරින්න එපා.අපි හොඳ දෙයක් කරමු කියලා.
උදයන්ති එතනදි කියනවා මාව උදාහරණයක් විදියට ගන්නකෝ.මට මිනිස්සු කොච්චර දේවල් කිව්වද කියලා 🥺🥹 මට මතක් උනා එක කාලේකදි උදයන්ති කියන්නේ සු|ස|යිඩ් කරගන්න ඕන තැනට වැටිච්ච කෙනෙක්.නමුත් ඇය කවදාවත් ඇයව එතනට පත් කරපු කෙනා ගැන වචනෙකින්වත් බැන වැදිමක් කරන්නේ නැ.ඇය ඔහුට කිසිම දෙයක් කියන්නේ නැ.ඇය පසු කාලේක දි එක්තරා පුවත්පතකට හරි සම්මුඛ සාකච්ඡාවකදී හරි කියනවා ඇයගේ හිටපු පෙම්වතා තමයි එහෙම කරේ එයා නුවර.මම ආදරේ කරලා නේ එහෙම නරක දේවල් විදගත්තේ කියලා.ඔය ඉහත කී වීඩ්යෝව දැක්කම එකට වැටිලා තිබ්බ කමෙන්ට්ස් දැක්කම ලංකාවේ සමහර මිනිස්සු ගැන මට අප්‍රමාණ ආදරයක් ඇති වුණා.බොහො අය සඳහන් කරලා තිබ්බේ ඇය දක්ශ රංගන ශිල්පිනියක් අයගේ පුද්ගලිකත්වය අදාල නැ කියලා.එ කමෙන්ට්ස් වලිනුත් ගොඩාක් පිරිම් අය.එහෙම මිනිස්සුන්ට ගරු කරන්න ඕන අනිවාර්‍යයෙන්ම
හැමෝම වගේ සඳහන් කරල තිබ්බේ උදයන්තිගේ හස්බඩ් කියන්නේ මොන තරම් ලස්සනට ඇයව සිත්තම් කරලද කියලා.ඔහු උතුම් මනුස්සයෙක් කියලා.අපේ ගොඩාක් පිරිමි තැලෙන යකඩේ තැලෙන බව දැන දැනම තව තව තලන්න උත්සහ කරද්දි එහෙම දහසක් දේ අහපු කෙනෙකුට ලස්සන ජීවිතයක් දිලා ඇය ලස්සන ආදරණීය අම්මා කෙනෙක් කරලා ඇයව අද සතුටින් තියලා තියෙනව.එකෙත් හොඳම දේ තමයි උදයන්තිගේ හස්බන්ඩ් උදයන්තිට වඩා සෑහෙන බාල කෙනෙක්.උදයන්ති කියන්නේ බොහොම දක්ශ රංගන ශිල්පිනියක්.අගය කරන්නට වටින.
මනුස්සයෙක්ට ගරු කරන්න දන්නේ නැති නම් අඩුම තරමේ අපහාස නොකර ඉන්න කියන එක හොඳම උදාහරණයක් කියලා හිතුණා එ වීඩ්යෝ කැල්ල දැක්කම.හොඳම මිනිස්සුත් ඉන්නවා.💗
