ඔබත් මේ දේවල් කරනවද..රුවන්වැලි මහා සෑ භුමිය වන්දනාව සිදු කිරීමට දොරටුවෙන් ඇතුලු වීමේදී අප විසින් සිතිය යුතු සිතුවිලි කිහිපයක් මෙන්න.

ඔබත් මේ දේවල් කරනවද..රුවන්වැලි මහා සෑ භුමිය වන්දනාව සිදු කිරීමට දොරටුවෙන් ඇතුලු වීමේදී අප විසින් සිතිය යුතු සිතුවිලි කිහිපයක් මෙන්න.

රුවන්වැලි මහා සෑ වන්දනාව

රුවන්වැලි සෑයට යන විට මෙසේ සිතිය යුතුයි.

මේ විශ්ව ධාතුවේ බලවත් ම පුණ්‍ය භූමියටයි මම මේ ගමන් කරන්නේ. ඒ උතුම් පුණ්‍ය භූමියට යන මාගේ සිතින, කයින් හෝ වචනයකින්වත් කිසිදු වරදක් භාග්‍යවතුන් වහන්සේ සිදු නොවේවා!

සෑයේ නැගෙනහිර වාහල්කඩ (ප්‍රධාන පිවිසුම් දොරටුව) අසල දී සිතන්න. මෙහිදී මහා සෑය බුදුරදුන්ගේ උතුම් ශෛලමය හිදී පිළිමයක් ලෙස සලකන්න.*

උතුම් රුවන්වැලි මහා සෑ රඳුන්ගේ උතුම් ගර්භය තුල අප මහා බුදුරදුන්ගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින සේක. උතුම් මහා සෑ රදුන් වන්දනා කිරීම ගෞතම බුදුරදුන් ජීවමානව වන්දනා කිරීම හා සමානය.

එසේ හෙයින් මම දැන් සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිටයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

දකුණු වාහල් කඩ අසල දී සිතන්න. (මෙහිදී මහා සෑය බුදුරදුන් ලෙස සලකා සිතන්න.)

මම දැන් සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තය දිශාවේය. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

බස්නාහිර වාහල්කඩ අසලදී සිතන්න. (මෙහිදී මහා සෑය බුදුරදුන් ලෙස සලකා සිතන්න.)

මම දැන් සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිටුපසයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

වම් වාහල්කඩ අසලදී සිතන්න. (මෙහිදී මහා සෑය බුදුරදුන් ලෙස සලකා සිතන්න.)

මම දැන් සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රී හස්තය දිශාවේය. ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

මහා සෑ රදුන් නිවැරදි ලෙස වන්දනා කරන්නේ බටහිර වාහල්කඩ (මනා කොට පිළිසකර නොකළ වාහල්කඩ) සිට දක්ෂිණා වතාවයි. *මෙහිදී සෑය තුල වැඩ සිටින නිර්මිත බුදුරුව වන්දනා කරන්න.*

බටහිර වාහල්කඩ

මම දැන් සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිටයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

වම් වාහල්කඩ

මම දැන් සිටින්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශීර්ෂය දිශාවේය. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!

* නැගෙනහිර වාහල් කඩ

මම දැන් සිටින්නේ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපස දිශාවේය. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

දකුණු වාහල් කඩ

මම දැන් සිටින්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය දිශාවේය. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

– ධර්මදේශනාවක් ඇසුරිණි.-

Uncategorized